අවුන් සාං සුඛී වෙත ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය ලබා දී තිබූ එහි උසස්ම සම්මානය වන හෘද සාක්ෂියේ තානාපති (Ambassador of Conscience) සම්මානය නිෂ්ප්‍රභ කිරීමට එම ආයතනය තීරණය කර තිබේ. නොබෙල් සාම ත්‍යාගය ද දිනා ඇති ඇය මේ සම්මානයෙන් පිදුම් ලැබුවේ, 2009 වසරේ ඇය නිවාස අඩස්සියේ සිටියදීය.
මියන්මාරයේ වෙසෙන සුළු ජන කොටසක් වන රෝහින්ග්‍යා වැසියන් සම්බන්ධයෙන් අවුන් සාං සුචී හඬක් නැගීමට අපොහොසත් වීම අවාසනාවන්ත තත්ත්වයක් බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් මානව හිමිකම් ආයතනය පවසයි. එම ආයතනය චෝදනා කළේ, ආරක්ෂක හමුදාවල මර්දනය හමුවේ රෝහින්ග්‍යා වැසියන් 700,000ක් පමණ පළාගොස් ඇති බවටය.
0 Comments