Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බස්නාහිර පළාත් සභාවේදී චක්‍රලේඛය වෙනස් කිරීම ගැන ක්‍රියාමාර්ග ගැනීමට උපදෙස්.

Eduacation_Ministry

පළමු වසරට ළමුන් ඇතුලත් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛය බස්නාහිර පළාත් සභාවේ දී නැවත සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්  විසින් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි ට උපදෙස් ලබා දී තිබේ.

රේඛීය අමාත්‍යාංශය විසින් සකස් කරන ලද 2019 වසර සදහා පළමු  වසරට ළමුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛයට අදාළ ලකුණු ලබාදීමේ ක්‍රමවේදයේ යම් සංශෝධනයක් සිදු කිරීමට බස්නාහිර පළාත් සභාව කටයුතු කිරීම හේතුවෙන් විදුහල්පතිවරුන් සහ මාපියන් ද ගැටලු රැසකට මුහුණ පා ඇති බව ලද පැමිණිලි සැලකිල්ලට ගනිමින් අමාත්‍යවරයා මෙලෙස උපදෙස් ලබා දී ඇත.

රේඛීය අමාත්‍යාංශය මගින් නිකුත් කරන ලද චක්‍රලේඛ සංශෝධනය කිරීමේ බලයද රේඛීය අමාත්‍යාංශයට පැවරී ඇති අතර බස්නාහිර පළාත් සභාව විසින් අත්තනෝමතිකව සහ නීති විරෝධීව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ද පටහැනිව මෙම සංශෝධන සිදු කර ඇති බවට ද චෝදනා එල්ල වන බව පැවසේ.

The post බස්නාහිර පළාත් සභාවේදී චක්‍රලේඛය වෙනස් කිරීම ගැන ක්‍රියාමාර්ග ගැනීමට උපදෙස්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();