භාරකාර ආණ්ඩු මාතෘකාව දේශපාලන කිනිතුල්ලන්ගේ උප්පරවැට්ටියකැයි ජ.වි.පෙ. පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
ඔහු පැවැසුවේ සත්ත්ව ලෝකයේ කිනිතුල්ලන් කොහේ හෝ ගොනකු පිට නැඟී ලේ උරා බී ඉන් එපා වූ පසු වෙනත් ගොනකු පිට නැඟී ලේ උරා බොන ආකාරයටම වත්මන් දේශපාලනයේද තනි තනිව ඡන්දයකින් දිනිය නොහැකි උදය ගම්මන්පිල, විමල් වීරවංශ වැනි අය භාරකාර ආණ්ඩුවක් පිළිබඳව උපක්‍රම යොදමින් සිටින බවයි.
ඒ අනුවම යමින් ගෝඨාභය රාජපක්ෂ වටේ සිටින එවැනි පිරිසක් ද මේ මොහොතේ මෛත්‍රිපාල සිරිසේන ජනපතිගේ පිටේ වැසීමට දරන උත්සාහය ජනතාව තේරුම් ගත යුතු බවද ඔහු පැවසීය.
The post මේ කරන්න හදන්නේ විමල්,ගම්මන්පිලාගේ කිනිතුලු වැඩක් . appeared first on Lanka News Column.


0 Comments