ඉතාලියේ මිලානෝ නගරයේ, ප්‍රගතිශීලී සංවිධාන ගණනාවක එකතුවෙන්, එරට ආණ්ඩුව විසින් අනුගමනය කරන ජාතිවාදය වැපිරවීමේ හා ජනතාව ආර්ථිකමය වශයෙන් පීඩාවට පත්කිරීමේ පාලනයට විරෝධය පළ කරමින් පැවැත්වූ විරෝධතාවයකට ජනතා විමුක්ති පෙරමුණේ ඉතාලි කමිටුව පසුගියදා එක්වූ බව සඳහන් වේ.
ජනතාවගේ ආර්ථික ගැටලුවලට පිළිතුරු ලබාදෙනවා වෙනුවට ජාතිවාදය පතුරුවමින් සහ ජනතාවගේ අයිතිවාසිකම් කප්පාදු කරමින් සිටින ඉතාලියේ වත්මන් ආණ්ඩුවට විරෝධය දැක්වීමේ අරමුණින් එරට සංවිධාන ගණනාවක් විරෝධතාව සංවිධානය කර තිබුණු බවත් විරෝධතාවයට එක්වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ ඉතාලි කමිටුව ප්‍රකාශ කලේ එරට ආණ්ඩුව ගෙනයන ජනතා ද්‍රෝහී වැඩපිළිවෙල පරාජය කිරීමට ඉතාලියේ ප්‍රගතිශීලී සංවිධානවලට සිය ජාත්‍යන්තරවාදී සහයෝගය ලබාදෙන බව යැයිද සඳහන් වේ.
The post ආර්ථික පීඩාවට, ජාතිවාදයට එරෙහි ඉතාලියේ මිලානෝ පෙළපාලිය – ජවිපෙත් එක් වෙයි. appeared first on Lanka News Column.


0 Comments