Ticker

6/recent/ticker-posts

Header Ads Widget

හිටපු ජනාධිපති යන්න කිව්වොත් මං යනවා – වෙල්ගම කියයි.

Welgama_Mahinda

විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ තමන්ට මහින්ද පිලේ වේදිකාවෙන් බැස යන ලෙස දැන්වුවහොත් තමන් බැස යන බවත් තමන් වමේ භාවිතාවක් ඇති අයෙකු ලෙස විපක්ෂයේ වමේ පක්ෂයක් සමග එක්ව දේශපාලනය කරන බවත් මහින්ද පිලේ මන්ත්‍රී කුමාර වෙල්ගම සඳහන් කර සිටී. පසුගියදා හිටපු ජනපතිවරයාගේ නිවසේ පැවති එම පිලේ මන්ත්‍රීවරුන්ගේ හමුවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේ ය.

ද්විත්ව පුරවැසිභාවය ඇති පුද්ගලයෙකුට ජනාධිපතිවරණයට ඉදිරිපත් විය නොහැකි යැයි තමන් පැවසූවේ ව්‍යවස්ථානුකූලව සහ අධිකරණ බලසීමාවල සිටිමින් බවත් රටේ ව්‍යවස්ථාවේ ඇති කරුණු විකෘති කිරීමට තමන්ට හැකියාවක් නැති බවත් මන්ත්‍රීවරයා පැවසීය.

එමෙන්ම එක් පවුලකට රුපියල් 2500කින් මාසයක් ජීවත්විය හැකි යැයි පැවසූ බන්දුල ගුණවර්ධන, මුදල් ඇමතිකමට සුදුසු පුද්ගලයෙකු වන නමුත් ඔහුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ දැනීමක් නැතැයිද පැවසීය.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ  තමන්ට මහින්දගේ වේදිකාවෙන් ඉවත්ව යන ලෙස දැන්වුවහොත් තමන් විපක්ෂය සමග එක් වන බවත් ඒ සඳහා තහන්චි දැමීමට කිසිවෙකුටත් නොහැකි බවත් තමන් වමේ භාවිතාවක් ඇති අයෙකු ලෙස වමේ පක්ෂයක් සමග එක්ව කටයුතු කරන බවත් මෙහිදී වෙල්ගම මන්ත්‍රීවරයා අවධාරණය කළේ ය.

එමෙන්ම තමන් කිසිදාක එක්සත් ජාතික පක්ෂය සමග එක් නොවන බවත් එහිදී වෙල්ගම මන්තීවර්යා වැඩිදුරටත් අවධාරණය කළේ ය.

The post හිටපු ජනාධිපති යන්න කිව්වොත් මං යනවා – වෙල්ගම කියයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();