මීටර් 200 කාන්තා කනිෂ්ඨ ධාවන ඉසව්වේදී ශ්‍රී ලංකාවේ තෙවැනි හොඳම කාලය වාර්තා කිරීමට ෂෙලින්දා ජේසන් සමත් වෙයි. ආර්ජෙන්ටිනාවේ බුවනෝස් අයර්ස්හී පැවැත්වෙන යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ඇය මේ දස්කම දැක්වූවාය.
ගේට්වේ ජාත්‍යන්තර පාසලේ ෂෙලින්දා ජේසන් මීටර් 200 ඉසව්ව තත්පර 24.07කින් නිමකළ අතර 1994දී සුසන්තිකා ජයසිංහ තත්පර 23.18 කින් හා දමයන්ති දර්ශා තත්පර 23.21 - මීටර් 200 හොඳම කාලය වාර්තා කර තිබිණි.
යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ෂෙලින්දා වාර්තා කළේ ඇයගේ පෞද්ගලික හොඳම කාලය වන අතර සමස්ත ප්‍රතිඵලය අනුව ලොව මීටර් 200 යොවුන් ක්‍රීඩිකාවන් අතුරින් 9 වැනි ස්ථානයේ පසුවේ.
- ප්‍රින්ස්

0 Comments