කේරළයේ ඇති වූ ගංවතුර තත්ත්වයෙන් පසුව මී උණ රෝගයට මුහුණ පෑමට සිදු වීමෙන් දැඩි සෞඛ්‍ය අවදානමකට ලක් වී තිබේ. පසු ගිය දින දෙක ඇතුළත පමණක් මී උණ රෝගයෙන් දෙදෙනකු මිය ගොස් ඇති බව ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් පවසයි.
කෙසේ වෙතත් ගංවතුරට මුහුණ දුන් සියලු දෙනා මී උණ වැළැක්වීම සඳහා ලබා දෙන ඖෂධ ලබා ගැනීමෙන් මේ තත්ත්වය පාලනය කර ගත හැකි වනු ඇති බව විශ්වාස කරන බව ද ඔවුන් අවධාරණය කරයි.
ජූනි මාසයේ ඇති වූ ගංවතුර හේතුවෙන් ද කේරළයේ 400 කට ආසන්න සංඛ්‍යාවක් මිය ගිය අතර මිලියනයකට අධික පිරිසක් අවතැන් විය. ඔවුන්ගෙන් වැඩි පිරිසක් මේ වන විටත් අවතැන් කඳවුරුවල වාසය කරයි.
0 Comments