Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ආසියානු අභියෝගතා වොලිබොල් සමරු ඵලකයේ සටහන් තැබීම ඇරැඹෙයි

ගාමිණි රම්‍යපාල සබරගමුව සමුහ

පවතින සියළු අඩු පහසුකම් මධ්‍යයේ වුවත් ඉදිරියට යන මෙරට ජාතික ක්‍රීඩාව වන වොලිබෝල් ක්‍රීඩාවෙන් මෙරට පැවැත්වෙන පළමු ජාත්‍යන්තර ජ්‍යෙෂ්ඨ තරගාවලියේදි විශිෂ්ඨ දස්කම් දක්වමින් කුසලානය මෙරට තබාගැනීමට ක්‍රීඩකයන් සමත්වනු ඇතැයි ශ්‍රි ලංකා වොලිබෝල් සංගමයේ සභාපති විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති ඇමති ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ඩයලොග් සමාගමේ අනුග්‍රහයෙන් පැවැත්වෙන ආසියානු අභියෝගතා වොලිබොල් තරගාවලියේ නිල කුසලානය රැගත් සමරු ඵලකයේ සටහන් තැබීම පසුගියදා ගලිගමුව නගරයේදී සිදුකිරිමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.

‘මේ වන විට අපේ වොලිබෝල් කණ්ඩායම ඉහල තැනක සිටිනවා. විදේශිය පුහුණු කරුවෙක් යටතේ පුහුණුව ලබනවා. පසුගිය ආසියානු තරගාවලියේදිත් චිනයට තියුණු සටනක් ලබාදුන්නා. වොලිබෝල් ක්‍රීඩාවට ප්‍රචාරයක , අනුග්‍රහයක අඩුවක් තිබුණා. එය වෙනස් කිරීමට ඩයලොග් ආයතනය මෙවර ඉදිරිපත්වුණා. මේ තරගාවලියේදි අපිත් අපේ කණ්ඩායමේ ජයග්‍රහණය පතා , කෙතරම් වැඩ රාජකාරි මැද වුවත් එක්වෙනවා. ජාතික වොලිබෝල් ක්‍රිඩාවේ ලොකු අයිතියක් ගලිගමුවටත් තිබෙනවා. වොලිබෝල් ක්‍රිඩාවට අභිමානයක් ගෙනදුන් දැරියන් 20 ක් ගලිගමුවෙත් ඉන්නවා. අපේ ක්‍රීඩකයන්ට සුභපතන්න එක්වෙන්න මා සියලු ජනතාවට ආරාධනා කරනවා.‘ අමාත්‍යවරයා කීවේය.

මේ මස 15 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගිත්වයෙන් ආරම්භවන ආසියානු අභියෝගතා වොලිබොල් තරගාවලිය ලබන 21 දා නිමාවට පත්වන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙනි.

ඡායාරූපය- සබරගමුව සමුහ

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();