බ්‍රසීලයේ හිටපු ජනාධිපති ලූලා ද සිල්වාට ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් විය නොහැකි බව එරට අධිකරණයක් තීන්දු කර ඇත. ඒ අනුව දූෂණ හා අක්‍රමිකතා චෝදනාවලට වරදකරු වී සිරගතව සිටින ලූලා ද සිල්වා ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් විය නොහැකි බව අධිකරණය තහවුරු කරයි.
මේ තීන්දුව ලැබී ඇත්තේ එළැඹෙන ඔක්තෝබරයේ පවතින බ්‍රසීල ජනාධිපතිවරණයට තමාට ඉදිරිපත් විය හැකි ද යන්න පිළිබඳව ඔහු අධිකරණයෙන් කළ විමසීමට ප්‍රතිචාර වශයෙනි. දූෂණ . අක්‍රමිකතා හා මුදල් අවභාවිත කිරීම යන සිද්ධීන්වලට වරදකරුවීම හේතුවෙන් වසර 12ක කාලයක් සඳහා ලූලාද සිල්වා සිරගතව සිටියි.

0 Comments