Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ආසියානු නෙට්බෝල් ශූරියන්ට උණුසුම් පිළිගැනීමක්

වසර 9කට පසුව ආසියානු නෙට්බෝල් කුසලානය දිනාගත් චතුරංගනී ජයසූරියගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායම පිළිගැනීමේ උත්සවය ඊයේ අළුයම කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදි ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරින් සහ ශ්‍රී ලංකා නෙට්බෝල් සංගමයේ සභාපතිනිය ට්‍රික්සි නානායක්කාර මහත්මිය සමග නෙට්බෝල් සංගමයේ නිලධාරිනියන් ද මේ අවස්ථාවට එක්වූහ.

ශ්‍රී ලංකාවේ නෙට්බෝල් ක්‍රීඩාවේ ඉදිරි ගමන සුභදායකයි
- ක්‍රීඩා ඇමැති ෆයිසර් මුස්තාෆා

‘අද ඓතිහාසික දිනයක්. අවුරුදු 9ට පස්සේ ආසියාතික නෙට්බෙල් ශූරතාව දිනාගන්න හැකිවුණා. ඒක ශ්‍රී ලංකාවට ලොකු ආඩම්බරයක් වගේම ලොකු අභිමානයක්. කණ්ඩයමේ නායිකාවගේ, පුහුණුකාරිනියගේ හා නෙට්බෝල් සංගමයේ විශාල කැපවීමකින් මේ ජයග්‍රහණය ලැබුණේ. නෙට්බෝල් ක්‍රිඩාවේ ඉදිරි ගමන ඉතාමත් සුභදායකයි. අභියෝග රාශියක් තිබුණා. ලෝක කුසලානය පවා ජයගැනීමේ හැකියාවක් ඇති බව මේ කණ්ඩායම ඔප්පු කළා. නෙට්බෝල් ක්‍රීඩාවට පුහුණුවීම් සඳහා ගෘහස්ත ක්‍රිඩාංගණයක අඩුපාඩුව තියෙනවා. හැකි ඉක්මනින් එය ආරම්භ කිරීම රජයක් හැටියට අපේ වගකීමක් හැටියට මා දකිනවා.‘

මම කණ්ඩායමට හා පුහුණුකාරිනියට ස්තුතිවන්ත වෙනව. ඔවුන් ඉතාමත් උද්යොගයෝගයෙන් කටයුතු කළා. අපේ අමාත්‍යාංශයත් අවශ්‍ය ශක්තිය ලබා දුන්නා. ජනාධිපතිතුමාත් මේ ජයග්‍රහණයට සුබ පැතුම් එක් කළා. අපිට දීර්ඝ ගමනක් යන්න පුළුවන්. අපි කළා මදි කියලා සමහර අවස්ථාවල මට හිතෙනවා. ඉදිරි ගමනට අපේ පූර්ණ ශක්තිය දෙනවා කියලා මේ අවස්ථාවේදී මම කියනවා.‘ මේ අවස්ථාවට එක්වූ ක්‍රීඩා ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

කණ්ඩායම් හැඟීමෙන් ක්‍රීඩා කළා
- නෙට්බෝල් කණ්ඩායමේ නායිකා චතුරංගනී

මේ ජයග්‍රහණය ශ්‍රී ලංකා නෙට්බෝල් ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙනවා. කණ්ඩායමක් හැටියට අපි හැමෝම එකතුවෙලා පුහුණුකාරිනි තිලකා ජිනදාස මහත්මියත් එක්ක මේ ගමන ආවා මාස අටක් විතර පුහුණුවීම් කළා. හැම මොහොතකදිම පුහුණුකාරිනියගේ උපදෙස් පිළිපැද්දා. කණ්ඩායම් හැඟීමෙන් කටයුතු කළා. දැඩි විශ්වාසයකින් යුතුව පුහුණුවීම් කළා. අපිට අරමුණක් තිබුණා මේ ජයග්‍රහණය කොහොමහරි ලබාගන්නවා කියලා.‘ ශ්‍රී ලංකා නෙට්බෝල් පිලේ නායිකා චතුරංගනී ජයසූරිය සඳහන් කළාය.

ආසියානු කුසලානය ජයගැනීම ගැන මට විශ්වාසයක් තිබුණා
- පුහුණුකාරිනි තිලකා ජිනදාස

මම මීට කළින් 2011 හා 2014දි ජාතික පුහුණුකාරිනිය තනතුරට අයැදුම්පත් ඉදිරිපත් කළා. නමුත් ඒ අවස්ථා 2දීම මට ලැබුණෙ නැ. මගේ දුර්වලකමක් නිසා නෙවෙයි අපේ තියෙන සුපුරුදු දේශපාලන ක්‍රමය නිසා. කොහොමහරි මෙවර මට ඒ අවස්ථාව ලැබුණා. මට විශ්වාසයක් තිබුණා මට ලැබුණොත් කණ්ඩායම ආසියානු කුසලානය දිනාගන්න පුළුවන් කියලා. මම ක්‍රීඩිකාවක් විදිහටත් රට වෙනුවෙන් අවුරුදු 12ක් ක්‍රීඩා කරලා තියෙනවා. ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ගිහින් තියෙනවා. අපි දැනට දිනාගත්තු ආසියානු කුසලාන තරගාවලි 5කින් 3කටම දායකවෙලා තියෙනවා. ඉන් එකක් 1997දී අපි ආසියානු කුසලානය දිනාගන්නා විට කණ්ඩායමේ උපනායිකාව විදිහට කටයුතු කළා. ඊළඟට 2009 තරගාවලිය ජයග්‍රහණය කළා. දැන් 2018 තරගාවලියේ පුහුණුකාරිනිය විදිහට කටයුතු කළා. මම කතාවෙන් නෙවෙයි ක්‍රියාවෙන් මට පුළුවන් උපරිම දායකත්වය රටට ලබාදී තිබෙනවා.‘ කණ්ඩායමේ පුහුණුකාරිනි තිලකා ජිනදාස මහත්මිය සඳහන් කළාය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();