Ticker

6/recent/ticker-posts

Header Ads Widget

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට.

Parliment_Sri_Lanka

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට අදාළ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද (05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

ජනතා විමුක්ති පෙරමුණ විසින් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස එය ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර  එම පනත් කෙටුම්පත ජනතා විමුක්ති පෙරමුණේ නායක, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර දිසානායක විසින් ස්ථිර කරන ලදී.

මෙම සංශෝධන කෙටුම්පත පසුගිය මැයි 25වනදා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම විසින් කතානායකවරයා වෙත භාර දුන් අතර ඉන් පසු එය නීතිපතිවරයා වෙත යොමු කරන ලදී. නීතිපති විමර්ශනයෙන් පසු එය ගැසට් කළ අතර ඉන් පසු මෙසේ අද දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. ඒ අනුව ඉදිරියේදී මීට අදාළ විවාද පැවැත්වීම ඇතුළු කටයුතු සිදුවනු ඇත.

ඒකාබද්ධ විපක්‍ෂය විසින් සංවිධානය කරන ‘ජනබලය කොළඹට’ විරෝධතාවය හේතුවෙන් අද පාර්ලිමේන්තුවට ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට පැමිණ නැතැයි වාර්තා වන අතර  විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන 20 වන සංශෝධනයට ඒකාබද්ධ විපක්ෂය මීට පෙර විරෝධය පළ කර තිබිණි.

The post 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();