Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශ්‍රීලනිපයෙන් ඉවත් වූ 15දෙනාට යළිත් සංවිධායක ධූර?

SLFP-Logo1

සිය කණ්ඩායමේ පිරිසකගේ ආසන සංවිධායක ධුර ඉවත් කළේ ආසන බලමණ්ඩල පිහිටුවා නොමැති වීම නිසා බව ශ්‍රීලනිප භාණ්ඩාගාරික, පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.බී. දිසානායක සඳහන් කර ඇත. එමෙන්ම සංවිධාන කටයුතු කිරීමෙන් පසු නැවත ඔවුන්ට එම තනතුරු දෙන බවත් සඳහන් කළ මන්ත්‍රීවරයා එම ගැටලුව මධ්‍යම කාරක සභාවේදී විසදාගත හැකි බවද පවසා තිබේ.

කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්. ජේ. සෙනෙවිතරන  සඳහන් කර ඇත්තේ  ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රීලනිප මන්ත්‍රීවරු 15 දෙනාට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ගේ නායකත්වය යටතේ සංවිධායක ධූර එපරිද්දෙන්ම ලැබෙන බවයි. එමෙන්ම වසර දෙකක් ජාතික ආණ්ඩුවට තමන් ඇතුළු ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයින් එක් වූයේ පක්ෂය ගත් ප්‍රතිපත්තිමය තීරණයක් නිසා බව මන්ත්‍රීවරයා පෙන්වා දී ඇත.

වසර දෙකකට පසු ආණ්ඩුවෙන් ඉවත්ව තමන් ඇතුළු පිරිස් විපක්ෂයට එක් වූ බවත් දැනට ඇතිකරගෙන ඇති එකඟතා මත ශ්‍රීලනිප සංවිධායකකම අහිමි වුවත්, මහින්ද රාජපක්ෂ  යටතේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂ සංවිධානයකට ලබා ගන්නා බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

අමාත්‍ය ධූරවලින් ඉවත්ව ඒකාබද්ධ විපක්ෂයට සහය පළ කරන මන්ත්‍රීවරුන් 8 දෙනකුගේ ආසන සංවිධායක ධූර අහිමි කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව පසුගියදා තීරණය කළේය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේ පසුගියදා පැවැති සාකච්ජාවේදී මෙම තීරණය ගෙන තිබිණි.

 

The post ශ්‍රීලනිපයෙන් ඉවත් වූ 15දෙනාට යළිත් සංවිධායක ධූර? appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();