“ස්වයං පෝෂිත යුගයක් මහවැලි තාරුණ්‍යයට අපමණ අගයක්” තේමාව රැගත් 30 වැනි මහවැලි ක්‍රීඩා උළෙල මේ මස 15 – 16 දෙදින ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.
1986 වසරේදී එවකට මහවැලි අමාත්‍යවරයා වු දිවංගත ගාමිණි දිසානායක මහතාගේ සංකල්පයක් මත මහවැලි ගම්මානවල සිටින තරුණ තරුණියන් උදෙසා සංවිධාන කරන ලද මහවැලි ක්‍රීඩා උළෙල මේ වන විට මෙරට වාර්ෂික ක්‍රීඩා දිනපොතේ ප්‍රධානතම අංගයක් ලෙස ද සැලැකේ.
පසුගියදා කොළඹ නිදහස් චතුරශ්‍රයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලද මහවැලි ක්‍රීඩා ගිනිසිළුව රැගත් ප්‍රදර්ශන චාරිකාව මහවැලි ගම්මාන 111 ක් පසුකරමින් 15 වැනි දා ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයට ළඟාවීමට නියමිතය.
ඊයේ කොළඹ මහවැලි කේන්ද්‍රයේ ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවට එක් වු ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ගෝඨාභය ජයරත්න මහතා පැවැසුවේ 30 වැනි මහවැලි ක්‍රීඩා උළෙල ඩයලොග් ආසියාටා සමාගමේ අනුග්‍රාහකත්වයෙන් අති සාර්ථක තරගාවලියක් ලෙස පැවැත්වීමට අවශ්‍ය සියළු කටයුතු මේ වන විට සංවිධාන කර ඇති බවයි.
මහවැලි අමාත්‍යධුරය දරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත තරගාවලියෙන් ජයගන්නා හොඳම මහවැලි කලාපයට ශාරීරික සුවතා මධ්‍යස්ථානයක්, හොඳම ක්‍රීඩික ක්‍රීඩිකාවට මහවැලියෙන් ඉඩමක්, සුවිශේෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10 දෙනෙකුට ක්‍රීඩා ශිෂ්‍යත්ව, ක්‍රීඩක ක්‍රීඩිකවන් 20දෙනෙකුට රැකියා පුහුණු පාඨමාලා, හොඳම ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව බිහිකරන පාසලට ක්‍රීඩා උපකරණ හා මහවැලි වාර්තා බිහිකරන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විශේෂ ප්‍රතිලාභ හා අඩු ආදායම් ලබන පවුල් වල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවශ්‍ය ක්‍රීඩා භාණ්ඩ ලබාදිමට උදෙසා විශේෂ වැඩපිළිවෙළක් මෙවර මහවැලි තරගාවලියේදී ක්‍රියාත්මක කරන බව මහවැලි නියෝජය ඇමැති වීරකුමාර දිසානායක මහතා මෙහිදී ප්‍රකාශ කළේය.
මේ අවස්ථාවට පළාත් පාලන හා ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා, මහවැලි නියෝජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක, මහවැලි අධිකාරීයේ අධ්‍යක්ෂ ජෙනරාල් සරත් චන්ද්‍රසිරි විතාන, මහවැලි කේන්ද්‍රයේ අධ්‍යක්ෂ අරුණ ලේකම්ගේ, ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් කමල් පද්මසිරී, ඩයලොග් ආසියාටා සමාගමේ සමූහ ප්‍රධාන අලෙවි නිලධාරිනි අමලි නානායක්කාර, එම ආයතනයේ හර්ෂ සමරනායක මහත්ම මහත්මිහු ද මේ අවස්ථාවට එක්වූහ.
පසුගිය වසරේ ක්‍රීඩා උළෙලේදී මහවැලි බී. කලාපය ජනාධිපති කුසලනය දිනාගත් අතර දක්ෂතම ක්‍රීඩිකාව ලෙස මහවැලි හුරුළුවැව කලාපයේ යු. ආර්. ආර්.බී. රාජපක්ෂත්, දක්ෂතම ක්‍රීඩකයා ලෙස මහවැලි බී. කලාපයේ ආර්.එම්.එස්.සී. රණසිංහත් සම්මාන දිනාගත්හ.
0 Comments