අධ්‍යාපන අමාත්‍යාංශයේ සම්බන්ධීකරණය මත මෙරට පාසල් දරුවන්ගේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අධ්‍යාපනය ඉහළ නැංවීමේ අරමුණින් දකුණු කොරියානු ජනරජයේ ග්වැන්ජු මෙට්‍රොපොලිටන් අධ්‍යාපන දෙපාර්තුමේන්තුව විසින් ආධාර ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් සිටී.
ඉදිරියේදී ද මෙම වැඩසටහන් පැවැත්වීම සඳහා වන අවබෝධතා ගිවිසුම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සහ ගුවැන්ජු මෙට්‍රොපොලිටන් අධ්‍යාපන කාර්යාලයේ අධ්‍යක්ෂ, ජෑන්ග් හුවයි ගුක් අතර පසුගියදා දකුණු කොරියාවේ ගුවැන්ජු මෙට්‍රොපොලිටන් අධ්‍යාපන කාර්යාලයේදී සිදු කරනු ලැබීය.
මෙම වැඩසටහන යටතේ යටතේ පසුගිය වසර කිහිපයක සිට මෙරට තෝරාගත් පාසල් වෙත පරිගණක පහසුකම් ලබා දීමට ග්වැන්ජු මෙට්‍රොපොලිටන් අධ්‍යාපන දෙපාර්තුමේන්තුව කටයුතු කර තිබෙන බව සඳහන් වේ. මීට අමතරව දකුණු කොරියානු ජනරජයේ මෙට්‍රොපොලිටන් අධ්‍යාපන කාර්යාලයේ අනුග්‍රහය යටතේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නිලධාරීන් ඇතුළු ගුරු භවතුන් සදහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිළිබඳ පුහුණු වැඩසටහනක් ද දකුණු කොරියාවේ දී වාර්ෂිකව පවත්වනු ලබයි.
The post ICT අධ්‍යාපනය ඉහළ නැංවීමේ අවබෝධතා ගිවිසුමක්. appeared first on Lanka News Column.
0 Comments