පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ, විමධ්‍යගත ප්‍රතිපාදන නිසිලෙස නිදහස් කිරීමට ආණ්ඩුව අපොහොසත්ව ඇති බවට ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ අසත්‍ය චෝදනාවක් ඉදිරිපත් කර ඇති බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා ප්‍රකාශ කර සිටී.
රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මේ වසරේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විමධ්‍යගත ප්‍රතිපාදන වෙනුවෙන් වෙන්කර ඇති රුපියල් මිලියන 2250ක මුදලින් රුපියල් මිලියන් 1623ක් මේ වන විටත් නිදහස් කර ඇති බවත් අද දිනය වන විට විමධ්‍යගත ප්‍රතිපාදන වෙනුවෙන් පක්‍ෂ විපක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා මුදල් නිදහස් කිරීමේ ප්‍රතිශතය 72.57% බවයි. ඉතිරි ප්‍රතිපාදන ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් යෝජනා ඉදිරිපත් කරන ආකාරය අනුව මේ වසර අවසන් වීමට පෙර නිදහස් කරනු ඇති බවත් සඳහන් වේ.
මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පසුගියදා ඍජුව චෝදනා කර තිබුණේ ආණ්ඩුවේ විමධ්‍යගත ප්‍රතිපාදන නිදහස් කිරීමේ වැඩපිළිවෙල මුළුමනින්ම අසාර්ථක වී ඇති බවයි. අදාළ මන්ත්‍රීවරයා නියෝජනය කරන මහනුවර දිස්ත්‍රික්කයට පමණක් මේ වසර තුල නිදහස් කර ඇති විමධ්‍යගත ප්‍රතිපාදන ප්‍රමාණය රුපියල් මිලියන 108ක්. චෝදනාව එල්ල කල මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාට හිමි මිලියන 10ක විමධ්‍යගත ප්‍රතිපාදන වලින් මිලියන 6.9ක් මේ වන විටත් නිදහස් කර අවසන් අතර ඔහුට හිමි ඉතිරි මුදලද යෝජනා ඉදිරිපත් කල පසු මේ වසර අවසන් වීමට පෙර නිදහස් කරන බවයි ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටින්නේ.
වත්මන් රජය බලයට පත්වීමෙන් පසු රුපියල් ලක්ෂ 50ක් ව තිබු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විමධ්‍යගත ප්‍රතිපාදන රුපියල් ලක්‍ෂ 100 දක්වා 100% ක ප්‍රතිශතයකින් ඉහල දමනු ලැබු බවත් එම ප්‍රතිලාභ පසුගිය වසර වලදීද ඉතා විධිමත්ව පක්‍ෂ විපක්‍ෂ සියලු මන්ත්‍රීන් වෙත රජය විසින් නිදහස් කරනු ලැබූ බවත් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටී.
මෙම විමධ්‍යගත ප්‍රතිපාදන ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඔවුන්ගේ යෝජනා දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත භාරදිය යුතු අතර මුදල් වෙන් කිරීම සිදු වන්නේ එම යෝජනා ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යංශය වෙත යොමු කිරීමෙන් අනතුරුවයි. අමාත්‍යංශයේ තොරතුරු දත්ත වලට අනුව මේ වනතුරුත් විමධ්‍යගත ප්‍රතිපාදන සඳහා තම යෝජනා ලබා නොදුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද සිටින බව වාර්තා වේ.
The post මහින්දානන්දගේ චෝදනා බොරු. appeared first on Lanka News Column.


0 Comments