සිය වාර්ෂික වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකළ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ට එරෙහිව ගොනු කර තිබෙන නඩු තුනක් සඳහා සාක්ෂි දීමට හිටපු පාර්ලිමේන්තු මහලේකම් ධම්මික කිතුල්ගොඩට නොවැම්බර් මස 13 වන දා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නොතිසි නිකුත් කර ඇතැයි සඳහන් වේ.
මෙම නඩුව අද(28) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ ඉල්ලා ඇත්තේ සාක්ෂිකරුවකු ලෙස හිටපු පාර්ලිමේන්තු මහලේකම් ධම්මික කිතුල්ගොඩ අධිකරණය හමුවට කැඳවීම සඳහා නොතීසියක් නිකුත් කරන්නැයි ඉල්ලා තිබේ. ඒ අනුව එම ඉල්ලීම පිළිගත් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා හිටපු පාර්ලිමේන්තු මහලේකම් ධම්මික කිතුල්ගොඩට නොවැම්බර් මස 13 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නොතීසි නිකුත් කර තිබේ.
The post හිටපු පාර්ලිමේන්තු මහලේකම්ට නොතීසි. appeared first on Lanka News Column.


0 Comments