Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බැසිල් පසු බහී. නාමල් උඩට.

Basil-Namal

ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තිරය පිටුපස නායකයා ලෙස කටයුතු කළ බැසිල් රාජපක්ෂ වෙනුවට එම ස්ථානය හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ නියමයෙන් නාමල් රාජපක්‍ෂට හිමිවී ඇතැයි එම පක්‍ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර ඇත. ඒ අනුව එළැඹෙන 05 වැනිදා පැවැත්වෙන “ජනබලය කොළඹට” නමින් වූ ජනරැලියේ සංවිධාන කටයුතු නාමල් රාජපක්‍ෂගේ නායකත්වයෙන් යුත් තරුණ පෙරමුණ යටතට පත්කර ඇතැයිද පැවසේ.

ඒ පිළිබඳව හිටපු ජනපතිවරයා, දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර වැනි ඒකාබද්ධ විපක්‍ෂයේ ප්‍රබලයින්ට කතාකර නාමල් රාජපක්‍ෂට සහාය දෙන්නැයි පවසා ඇති බවත් මෙම තීරණයත් සමඟ පසුගිය කාලයේ නාමල් රාජපක්‍ෂ ප්‍රධාන කථිකයා වෙමින් බොහෝ ආසන තුළ පක්ෂයේ බිම් මට්ටමේ සාමජිකයින් අමතා ඇති බවත් සඳහන් වේ.

එමෙන්ම පසුගිය දිනක ෆේස්බුක් සමාජ ජාලයේ සිය ගිණුම උපයෝගී කරගනිමින් නාමල් රාජපක්ෂ ජනතා ප්‍රශ්නවලට පිළිතුරු ලබා දී ඇති අතර ඒකාබද්ධ විපක්ෂයට හිතවත් මාධ්‍ය තුළ නාමල් රාජපක්ෂට මේ දිනවල වැඩි ඉඩක් වෙන් වන්නේ මෙම නව ආගමනය නිසා බව යැයිද ආරංචි මාර්ග සඳහන් කර සිටී.

මහින්ද රාජපක්‍ෂගේ මෙම තීරණයත් සමඟ නාමල් රාජපක්‍ෂට හිතවත් ඒකාබද්ධ විපක්‍ෂයේ තරුණ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක්ගේ සහ නාමල් රාජපක්‍ෂට හිතවත් පළාත් පාලන නියෝජිතයින්ගේ ප්‍රධානත්වයෙන් මෙම සංවිධාන කටයුතු සිදුවන බවත් පැවසේ.

මෙම තත්වය මත ඒකාබද්ධ විපක්‍ෂයේ බොහෝ දෙනෙකු තුළ දැඩි කලකිරීමක් ඇති වී තිබෙන බවත් ඒ නිසා ඔවුන් සිටින්නේ දැඩි නොසතුටෙන් බවත් ආරංචි මාර්ග සඳහන් කර ඇත.

The post බැසිල් පසු බහී. නාමල් උඩට. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();