ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ පුද්ගලයෙකු මරා දැමූ බවට චෝදනා එල්ල කරමින් කාන්තාවකගේ ඇඳුම් ඉරා දමා නිරුවතින් ඇය වීදී දිගේ රැගෙන ගිය පුද්ගලයන් පිරිසක් පිළිබඳ විදෙස් මාධ්‍ය සඳහන් කර සිටී. එම පුද්ගලයන් පිරිස අදාළ කාන්තාව නිවසින් පිටතට රැගෙන පහර දී ඇයගේ නිවසට ගිනිතබා ඇති බව පොලිසිය පවසා තිබේ.
සඳුදා දින බෝජ්පූර් දිස්ත්‍රික්කයේ දුම්රිය මාර්ගයක තිබී 19 හැවිරිදි විම්ලේශ් ෂාහ් නැමැත්තාගේ සිරුර හමුවී ඇති බවත් එම මරණයට වගකිව යුතුයැයි පවසමින් කාන්තාවට වධ හිංසා පමුණුවා ඇති බවත් පැවසේ. එමෙන්ම සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් 15 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත් කාන්තාව මේ වනවිට ප්‍රාදේශීය රෝහලක ප්‍රතිකාර ලබන බවත් සඳහන් වේ.
විම්ලේශ් ෂාහ් ගේ මරණය සිදු වූයේ කෙසේදැයි තවමත් හෙළි වී නොමැති අතර, මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වන බවත් පොලිසිය පවසා ඇත. මරණයට හේතුව දැනගැනීමට ඔවුහු මරණ පරීක්ෂණ වාර්තාව අපේක්ෂාවෙන් පසුවන බවත් සඳහන් වේ.
විම්ලේශ් ෂාහ් ඝාතනය කරන ලද්දේ මෙම කාන්තාව විසින් යැයි විශ්වාස කළ ඔහුගේ අසල්වාසීන්, සිද්ධිය පොලිසියට වාර්තා නොකර ඇයට දඬුවම් කිරීමට තීරණය කර ඇති බවත් පැවසේ.
පුරුෂයන් කණ්ඩායමක් මධ්‍යයේ කාන්තාවක් නිරුවතින් ඇවිද යන දර්ශනයක් එක් වීඩියෝ පටයක දක්නට හැකි බවත් මෙම සිද්ධියට අදාළ වීඩියෝ දර්ශන කීපයක් වට්ස් ඇප් (WhatsApp) ඔස්සේ බෙදා හැරෙමින් තිබෙද්දී එම වීඩියෝවක් දැකීමෙන් අනතුරුව මේ සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය ක්‍රියාත්මක වූ බවත් සඳහන් වේ.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ කාන්තාවගේ නිවස අසල පිහිටි කඩ සාප්පු සහ නිවාස කීපයකට ද මෙම පිරිස ගිනි තබා ඇති බවත් ප්‍රදේශයට වැඩිපුර ආරක්ෂාව යෙදවීමට ද පොලිසිය ක්‍රියා කර ඇති බවත්ය.
The post කාන්තාවකට පහර දී නිරුවතින් වීදි දිගේ රැගෙන යයි. appeared first on Lanka News Column.


0 Comments