ඇෆ්ගනිස්තාන ජනාධිපති අෂ්රෆ් ගානීගේ ඉල්ලීමකට අනුව සාම සාකච්ඡා කල් දැමීමට රුසියාව තීරණය කර තිබේ.
ජනාධිපති ගානී සහ රුසියානු විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රොෆ් සමඟ පැවැත් වූ දුරකතන සාකච්ඡාවකට පසු මෙම තීරණයට එළැඹ ඇති බව වාර්තා වේ. තලෙයිබාන් සංවිධානයේ ත‍්‍රස්තවාදී ප‍්‍රහාර එල්ල කිරිම නවතා නැති වීම හේතුවෙන් සාම සාකච්ඡා පැවැත්වීම ප‍්‍රායෝගික නොවන බව ඇෆ්ගනිස්තානය පවසයි.
මෙම සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබුණේ ලබන මස මුල දී රුසියාවේ දීය. ඒ සඳහා ඉරානයේ සහ තුර්කියේ සහාය ද ඊට හිමිව තිබූ අතර රටවල් 12කට ආරාධනා කරන බව රුසියාව පවසා තිබුණි.
පසුගිය දින කිහිපයේ දී එල්ල වූ තලෙයිබාන් ත‍්‍රස්තවාදී ප‍්‍රහාරවලින් විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්විය.
0 Comments