Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අබේසිංහ සොහොයුරන්ගේ අවසන් පූර්ව වටයේ සිහිනය බිද වැටෙයි

18 වන ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා කාන්තා කබඩි කණ්ඩායම අද(21) සහභාගී වූ මූලික වටයේ තරඟයකදී ඔවුන් ඉන්දීය කණ්ඩායම හමුවේ පරාජයට පත්ව තිබේ.
 
38 ට 12 ක් ලෙස ඉන්දීය කාන්තා කබඩි කණ්ඩායම එම තරඟය ජයග්‍රාහණය කර ඇත.
 
මේ අතර අද පැවති නිදහස් ආර පිහිණුම් ඉසව්වේ මූලික වටයේ තරඟ 02කට ශ්‍රි ලංකාවේ මැතිව් අබේසිංහ සහ ඔහුගේ සොහොයුරා වන කයිල් අබේසිංහ සහභාගී වී තිබුණි.
 
මීටර් 50 නිදහස් ආර පිහිණුම් ඉසව්වට සහභාගී වූ මැතිව් අබේසිංහ තත්පර 22යි දශම 8 යි 8 කින් තරඟය නිම කර ඇති අතර  ඔහුට හිමිව ඇත්තේ පස්වන ස්ථානය යි.
 
කයිල් අබේසිංහ මීටර් 50 නිදහස් ආර ඉසව්වේ මූලික වටයේ තරඟයකට සහභාගී වෙමින් තත්පර 23 යි දශම 3 යි 6 කින් තරඟය අවසන් කර ඇති අතර ඔහුට හිමිව ඇත්තේ අටවන ස්ථානය යි.
 
ඒ අනුව සොහොයුරන් දෙදෙනාටම එම ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව අහිමි විය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();