Ticker

6/recent/ticker-posts

Header Ads Widget

35ට පැනවූ නීතිය ඉවතට.

Threewilar Accident on _Bingiriya_Wellawali_LNCNew

අවුරුදු 35ට අඩු ත්‍රී රෝද රථ රියදුරන්ට පනවා ඇති කුලී ගමන් තහනම අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග  කියා  සිටියි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ පැවැති කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බව එම ආරංචි මාර්ගවලින් පැවසේ.

අවුරුදු 35ට අඩු ත්‍රීරෝද රථ රියදුරන්ට කුලී ගමන් තහනම් කරමින් මීට පෙර පාර්ලිමේන්තුවේ දී පනතක් සම්මත කරනු ලැබීය.

මේ සම්බන්ධයෙන් මුදල් ඇමැති මංගල සමරවීර ඇතුළු ඇමැතිවරුන් කිහිපදෙනෙකු මෙම නීතිය ගෙන ඒමට විරෝධය පළකර තිබිණි.

මෙවැනි නීතියක්  ගෙන ඒමෙන් කෙනෙකුට තමත් කැමැති රැකියාවක් කිරීමට තිබෙන අයිතිය අහිමි වෙනවා පමණක් නොව වයස සීමාවක් පැනවීමෙන්  තරුණයින්ට ත්‍රීරෝද රථයක් පැදවීමට තිබෙන අවස්ථාවද අහිමි වන බව මංගල සමරවීර ඇමැතිවරයා එහිදී ප්‍රකාශ කර ඇතැයි වාර්තාවේ.

එබැවින් කළ යුත්තේ ත්‍රීරෝද රථ රියදුරන්ට වයස සීමා පැනවීම නොව ත්‍රීරෝද රථ ප්‍රමාණය සංඛ්‍යාත්මකව අඩු කිරීම යැයි ඇමැතිවරුන් කිහිපදෙනෙකු එහිදී පවසා ඇති බව වාර්තා විය.

එහිදී අදහස් දක්වා ඇති නිමල් සිරිපාලද සිල්වා ඇමැතිවරයා මෙවැනි නීතියක් ගෙන ඒමට හේතුවුයේ අවුරුදු 35ට අඩු ත්‍රීරෝද රථ රියදුරන් අතින් විශාල ලෙස අනතුරු සිදුවීමත් ඵලදායක ලෙස යෙදවීමට හැකි තරම් ශ්‍රමය මෙවැනි දේට යෙදවීම රටේ ආර්ථිකයට ඝෘජුව බලපෑමක් කරන නිසා බවද  සඳහන් කර ඇත.

ඇමැතිවරුන්ගෙන් ඉදිරිපත් වූ අදහස් හා යෝජනා පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් පසු මෙම නීතිය ක්‍රියාත්මක නොකිරීමටත් ත්‍රීරෝද රථ ප්‍රමාණය සංඛ්‍යාත්මකව අඩු කිරීමටත් කැබිනට් මණ්ඩලය තීරණය කළබව  සදහන් වේ.

The post 35ට පැනවූ නීතිය ඉවතට. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();