Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පළාත් සභා මන්ත්‍රීවරු කළු කොඩි ඔසවයි.

Southern_Provincial_Council

උතුරු නැගෙනහිර පළාත්වල වෙසෙන දෙමළ ජනතාවට භීතියකින් තොරව නිදහසේ ජීවත් වීමට නම් එල්.ටී.ටී.ඊ සංවිධානය යළි හිස එසවිය යුතු යැයි වනිතා හා ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් සිදුකළ ප්‍රකාශයට විරෝධය ප්‍රකාශ කරමින් දකුණු පළාත් සභාවේ සන්ධාන මන්ත්‍රිවරු අද(03) දින පැවති දකුණු පළාත් සභා සැසිවාරය අවසානයේ උද්ඝෝසණයක් සිදුකර ඇත. මෙම විරෝධය දක්වා ඇත්තේ දකුණු පළාත් සභාවේ හත්වන සභාවේ පස්වන සැසිවාරය ආරම්භ කිරීම හා 2019 දකුණු පළාත් සභාවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කිරීම  දකුණු පළාත් ආණ්ඩුකාර  ජනාධිපති නිතිඥ මාර්ෂල් පෙරේරා විසින් සිදු කිරීමෙන් අනතුරුවයි.

පළාත් සභාවෙන් එළියට පැමිණි එජනිස මන්ත්‍රීවරු කළු කොඩි ඔසවා ගනිමින් පෝස්ටර් හා බැනර් ප්‍රදර්ශනය කරමින් විජයකලා මහේෂ්වරන් කළ ප්‍රකාශය හෙලා දකිමින් කෑකෝ ගසා ඇති අතර, කෑ කෝ ගැසීම නිසා පළාත් සභාව ඉදිරිපිට  නොසුන් සුන්තාවයක් ද ඇති වී ඇත.

උතුරේ කොටි නැටුම් ජනපති නිදි, විජයකලා අත්අඩංගුවට ගනු, හාමුදුරුවන්ට තිබුණ නීතිය විජයකලාට කෝ, මලබෙර හඩ අහනවද කොටියාගේ හඩ වහනව ද?, උතුරේ කොටි නැටුම් කෝ මේ හිටං, විජයකලා කොටියට පන දෙයි, විජයකලා වියරු වැටෙයි කොටියට රට දෙන්න කියයි ලෙස සටන් පාඨ කියමින් මෙසේ මන්ත්‍රීවරුන් විරෝධය දැක්වීය.

පළාත් සභාවේ ප්‍රධාන දොරටුව සිට විරෝධතාවය දක්වමින් පාගමන්ක් ගිය එකාබද්ධ විපක්ෂයේ දකුණු පළාත් සභා මන්ත්‍රිවරුන්ට එජාප මන්ත්‍රිවරුන් වන තෙන්නකොන් නිලමේ, චන්දන ප්‍රියන්ත යන අයද  දකුණු පළාත් ධීවර ඇමති එච්.ඩබ්ලිව් ගුණසේන සහ දකුණු පළාත් ක්‍රීඩා ඇමති මනෝජ් සිරිසේන යන අයද එක්වී ඇත.

මෙහිදී ඒකාබද්ද විපක්ෂය නියෝජනය කරන සන්ධාන මන්ත්‍රිවරු ප්‍රකාශ කර සිටියේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් එජාප සාමාජිකාවක් වන විජයකලා මහේෂ්වරන්ගේ මන්ත්‍රිකම හා ඇමතිකම ඉවත් කළ යුතු බවයි.

මෙහි දී අදහස් දැක් වු සන්ධාන මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර,

මෙන්න දැන් පොලිස්පතිවරයාට අවස්ථාව තියනවා නීතිය නමන්නේ නැතිව අත්අඩංගුවට ගන්න. පසුගිය දවසක අර මාධ්‍යෙව්දියෙක් කියා ගත්ත එක්නැළිගොඩගේ බිරිදට බැන්නා කියලා ස්වාමීන්වහන්සේලා හිරේ දැම්මා. මෙන්න දැන් තහනම් වුන කොටි සංවිධානය හොදයි කියලා කියනවා. ආයිත් කොටි ඕන කියනවා. පොලිස්පති තුමනි දැනටත් ඔබ පරක්කු වැඩියි යැයි පැවසීය.

The post පළාත් සභා මන්ත්‍රීවරු කළු කොඩි ඔසවයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();