Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දකුණේ කටුපොල් වගාව,වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ තීරණයට විරෝධය – සම්බන්ධීකරණ කමිටු වර්ජනයකට.

JVP_Nalin_Hewage

ගාල්ල දිස්ත්‍රික්කය තුල කටුපොල් වගාව තාවකාලිකව නතර කිරීමට ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව ගත් තීරණය වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ තීරණ මඟින් ඉක්මවා යන්නේ නම් ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට මින් පසු කිසිදු දේශපාලඥයෙකු සහභාගී නොවීමට ගාල්ල දිස්ත්‍රික්කයේ සියළු ම දේශපාලන පක්ෂ නියෝජිතයින් 23 දින පැවති ගාල්ල දිස්ත්‍රක් සම්බන්ධීකරණ කමිටුවේ දී තීරණය කරන ලදී. ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව 23 දින සම සභාපතිවරුන් වන ප්‍රධාන අමාත්‍ය ෂාන් විජේලාල් ද සිල්වා හා එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි යන අයගේ  ප්‍රධානත්වයෙන් ගාල්ල නව දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ  ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් රැස්විය.

මෙහි දී දකුණු පළාත් සභා මන්ත්‍රීවරුන් වන නලීන් හේවගේ (ජවිපෙ)

පසුගිය දිනක ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව තාවකාලිකව නතර කල  කටුපොල් වගාව ගාල්ලේ වතු කිහිපයක් විසින් නැවත ආරම්භ කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කිරීමට ගිය අවස්ථාවේ දී පොලිසිය ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු වාර්තාව නිෂේදනය කරමින් වැවිලි කර්මාන්ත අමාත්‍යංශය මඟින් ලිපියක් එවා ඇති ලිපියක් පෙන් වු බවයි. මේ තත්වය නිසා මෙම වැවිලි සමාගම් නැවත ගාල්ල දිස්ත්‍රික්කය තුල කටුපොල් වගාව ආරම්භ කර තියනවා.

දකුණු පළාත් සභා ප්‍රධාන අමාත්‍ය සම සභාපති  ෂාන් විජේලාල් ද සිල්වා  ,

කවුද මේ සභාව ගත්ත තීණ්දුව හෑල්ලුවට ලක් කරලා එහෙම ලිපි එවන්නේ. එහෙම නම් අපි මෙතන කාලය නාස්ති කරගෙන පැය ගානක් රාජ්‍ය නිළධාරීන් සිය ගානක් තියාගෙන මේ සමිති තියලා වැඩක් නෑනේ. එහෙම කාටවත් අපි ගනිපු තීන්දුවක් වෙනස් කරන්න බෑ. අපි මේ තීන්දුව ගත්තේ මෙහි සිටින සියළු දේශපාලන පක්ෂ නියෝජිතයින්ගේ එකගතාවය මත. පොලිසිය මේ සම්බන්ධයෙන් මොක ද වුනේ කියලා කියන්න.

දකුණු පළත් භාර නියෝජ්‍ය පොලිස් පති චන්දන අලහකෝන්,

මේ සම්බන්ධයෙන් කට්ටියක් එකක් කියනවා. අනිත් පිරිස තව එකක් කියනවා. අපි කොහොම ද දෙපැත්තට වැනෙන අය එක්ක වැඩ කන්නේ. මහජන පැමිණිල්ලක් නැත්නම් අපිට මහජන හින්සාව යටතේ නඩු දාන්න බෑ. අපිට නිවැරදි තීරණය ලබා දෙන්න. මම නම් හිතන්නේ නෑ පොලිසිය පැමිණිල්ල භාර නොගන ඉදී කියලා. කෙහොමටත් නිවැරදි තීරණය දෙන්න අපි ක්‍රියාත්මක කරන්නම්.

 ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (එජප) විජේපාල හෙට්ටිආරච්චි ,

අපි දැන් තීන්දුවක් ගත්තා ඒක ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් මම සම්බන්ධීකරණ කිමිටුවවේ වාඩි වෙන්නේ නෑ. මෙතන ඉන්න අනිත් අයත් එන්නේ නෑ. අපිට බෑ රාජ්‍ය නිළධාරීන්ට එන්න එපා කියන්න. දේශපාලන අධිකාරිය නැතිවුනාම කොහාමත් මේක නවතිනවා.

ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය  ෂාන් විජේලාල් ද සිල්වා ,

නෑ දැන් ගත්ත තීන්දුව නෙවේ අපි පසුගිය සම්බන්ධීකරණ කමිටුවේ දී මේ ගැන තීන්දු කරලා තියෙන්නේ. ඒක ක්‍රියාත්මක විය යුතුයි. එහෙම නැත්නම් මෙතන වාඩි වෙලා ඉදලා වැඩක් නෑ. කරුනාකරලා රාජ්‍ය නිලධාරීන් විදියටත් අපි ගනිපු තීන්දුව ක්‍රියාත්මක කරන්න. මේ තීරණයට අකමැති කවුරු හෝ දේශපාලන පක්ෂයක් ඉන්නවා නම් කියන්න. හරි ඔක්කොමලා එකඟ වෙලා තියෙන්නේ. එහෙම නම් මේක දැන් ක්‍රියාත්මක කරන්න. එහෙම ක්‍රියාත්මක නොවෙනවානම් මේ රැස්වීම වැඩැක් නෑ.

(හබරාදුව නිමල් අල්ගෙවත්ත)

The post දකුණේ කටුපොල් වගාව,වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ තීරණයට විරෝධය – සම්බන්ධීකරණ කමිටු වර්ජනයකට. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();