කොදෙව් දූපත් සංචාරය අතරතුර ආන්දෝලනයකට තුඩුදුන් පන්දුව පළුදු කිරීමේ චෝදනාවට වැරැදිකරුවන් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායක දිනේෂ් චන්දිමාල්ට, පුහුණුකරු චන්දික හතුරුසිංහට සහ කළමනාකරු අසංක ගුරුසිංහට තරග 6ක තහනමක් පැනවූ බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඊයේ නිවේදනය කළේය.
අයි.සී.සී.යේ ස්වාධීන විනිසුරු කමිටුවේ ප්‍රධානී මයිකල් බිලෝෆ් විසින් ඊයේ මේ තිදෙනාට අත්හිටුවීමේ ලකුණු 8ක් ක්‍රියාත්මක කිරිමේ නිවේදනය ඉදිරිපත් කිරිමත් සමග සංචාරක දකුණු අප්‍රිකානු පිල සමග පැැවත්වෙන තරග 2ක ටෙස්ට් තරගමාලාවට අමතරව පළමු එක්දින තරග 4ත් ඔවුන්ට අහිමිවී ගියේය.
පසුගිය මාසයේ කොදෙව් දූපත් පිලට එරෙහිව සාන්ත ලුසියා හී පැවැති ටෙස්ට් තරගය අතරතුර සිදුවූ පන්දුව පළුදු කිරීමේ සිද්ධිය අයි.සී.සී.යේ තරග කොන්දේසිවලට අනුව ක්‍රීඩාවේ ජීවගුණය උල්ලංඝනය වූ බවට චෝදනා කරමින් මේ චෝදනා පත්‍රය ගොනු කරනු ලැබුවේ අයි.සී.සී.යේ ප්‍රධාන විධායක ඩේවිඩ් රිචඩ්සන් විසිනි.
මීට අමතරව අයි.සී.සී.ය මේ තිදෙනාට සෘණ ලකුණු 6 බැගින් ද එකතු කිරිමට පියවර ගෙන තිබේ.
0 Comments