2004 වසරේ රජයේ වාහනයක් අවභාවිත කිරීම සහ නීතිවිරෝධී ගිනි අවියක් ළඟ තබා ගැනීමේ චෝදනාවලට වරදකරුවූ වලපනේ ශ්රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක සහ හිටපු ප්රාදේශීය සභා සභාපති ජගත් කුමාර සමරහේවා සහ තවත් පුද්ගලයෙකුට අද බරපතල වැඩ සහිත වසර 12 ක සිරදඬුවම් නුවරඑළිය මහාධිකරණය විසින් නියම කර ඇති බව වාර්තා වේ .
උඩුපුස්සැල්ලාව පොලීසිය විසින් නුවරඑළිය මහාධිකරණයේ අදාළ නඩුව ගොනුකර තිබුණි.
ඊට අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී නුවරඑළිය මහාධිකරණ විනිසුරු එස්.යූ.බී.කරලියද්ද අදාළ නියෝගය නිකුත් කරනු ලැබීය.
එහිදී අවභාවිතා කළ වාහනයේ වටිනාකම මෙන් තුන් ගුණයක් එනම්, රුපියල් ලක්ෂ 105 ක මුදලක් රජයට දඩ මුදලක් ලෙස ගෙවීමට ද මහාධිකරණ විනිසුරුවරයා ඔහුට නියෝග කර ඇත .
The post රජයේ වාහනයක් අවභාවිතාකළ ශ්රීලනිප ආසන සංවිධායකට අවුරුදු 12ක සිරදඩුවමක්. appeared first on Lanka News Column.
0 Comments