බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී පන්දුව පලුඳු කිරීමේ චෝදනා එල්ලවූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ට ටෙස්ට් තරඟයක තහනමක් පනවා ඇති අතර ටෙස්ට් තරඟයේ ශ්‍රී ලංකා නායකයාට හිමිවිය යුතු මුදලින් සියයට සියයක්ම කපා හැර තිබේ.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මෙම තීරණය ගෙන ඇත.
මේ අතර කොදෙව්වන් සමඟ පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරඟයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව චන්දිමාල්ට අහිමිවනු ඇති බව වාර්තා වේ.
එසේ වුවද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවත්වන පරීක්ෂණයේ දී චන්දිමාල් වෙනුවෙන් පෙනීසිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.
0 Comments