සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය නිමාවන විට තරගයේ වැඩි ගෞරව ලබාගැනීමට කොදෙව් කණ්ඩායම සමත්විය.
තෙවෙැනි දිනය නිමාවන විට සිය දෙවැනි ඉනිම ක්‍රී කරන කොදෙව් කණ්ඩායම කඩුලු 04ට ලකුණු 131ක් රැස්කරගෙන සිටියි.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිමට වඩා තවත් කඩුලු 06ක් අතැතිව කොදෙව් කණ්ඩායම ලකුණු 360ක් ඉදිරියෙන් පසුවෙයි.
කොදෙව්වන් පළමු ඉනිමට කඩුලු 08ට ලකුණු 414ක් රැස්කරමින් ඉනිම අත්හිටවූ අතර ශ්‍රී ලංකා කණ්ඩායමට එයට පිළිතුරු ලෙස රැස්ළ හැකිවූයේ ලකුණු 185ක් පමණි.
ඉන් අනතුරුව නැවතත් සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටියි. අද තරගයේ සිවුවැනි දිනයයි.

0 Comments