පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වන අවස්ථාවේදී කතානායකවරයා ප්‍රකාශ කළේ බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් වගකීම් විරහිත ලෙස කටයුතු කරන්නේ නම් නීත්‍යානුකූලව ක්‍රියා කෙරෙනු ඇති බවය. කතානායවරයා එහිදී මෙසේ ප්‍රකාශ කළේය.
‘‘බැඳුම්කර වාර්තා අරමුණු කරගනිමින් පාර්ලිමේන්තුව තුළත් පිටස්තරවත් ප්‍රකාශ වුණු ඇතැම් කරුණු හා වාර්තා ගැන කතානායකවරයා වශයෙන් පැහැදිලි කිරීමක් වහා කළ යුතු බව මාගේ හැඟීමයි. අසත්‍ය, ගොතන ලද සමහරවිට ද්වේශසහගතව ප්‍රකාශ වුණු හා ප්‍රකාශ වෙන විවිධ අදහස් නිසා සියලුම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත්, පාර්ලිමේන්තුවටත්, පොදුවේ ශ්‍රී ලංකාවේ කීර්ති නාමයටත් විශාල කැළලක් ඇති වී තිබෙන බව සඳහන් කරන්නේ බලවත් සංවේගයෙනි.
‘‘කවුරුන් හෝ ගොතන ලද අල්ලස් ගත් මන්ත්‍රීන් 118 වෙනුවට එය 166 දක්වා වැඩි කර, ඉන් නොනැවතී සිවිල් සමාජයේ පිළිගත් චරිත කීපයකටද අසාධාරණ ලෙස පරිභව කරමින් සීමාවක් නොමැතිව කෙරෙන මෙම පදනම් විරහිත චෝදනා නවතන ලෙස පිළිගත් මාධ්‍යයද ඇතුළුව සියලුදෙනාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
‘‘බැඳුම්කර වාර්තාවලට ඇතුළත් විය යුතු සියලු අදාළ ලිපිලේඛන සියල්ල මා වෙත කඩිනමින් ලබා දෙන ලෙස ජනාධිපති ලේකම්වරයාගෙන් ඉල්ලා ඇති අතර ඔහු දිවයිනට පැමිණි විගසම නීතිපතිවරයාගේ හා පොලිස්පතිගේ සහයෝගයෙන් අදාළ සියලු ලියකියවිලි පාර්ලිමේන්තුවට ලැබෙනු ඇත.
මුදල් ලබා ගත් මන්ත්‍රීවරුන්ගේ හෝ වෙනත් අයගේ කිසිම ලැයිස්තුවක් නොපවතින බවට ඊට වගකිව යුතු සියලු අංශ විසින් මා දැනුවත් කර ඇත. එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂක නිලධාරින් 25 දෙනෙකුගෙන් ප්‍රශ්න කළ බවට පැතිරුණ ආරංචියද සම්පූර්ණයෙන්ම අසත්‍ය ප්‍රවෘත්තියක් බවට පොලිසිය මා වෙත දන්වා ඇත.
අම්පාරේදී වඳ බෙහෙත් මිශ්‍ර කළ අල හොද්දක් ගැන ඇති වූ බොරු ප්‍රචාරයෙන් රට ගිනිගත් ආකාරය අප සිහි කරන්නේ දැඩි කනගාටුවෙන්. දැන් ඇති වී තිබෙන තත්ත්වයද රටට ඉතා අහිතකර බව පෙන්වා දීමට කැමැත්තෙමි. ඊයේ සිට සමහර මන්ත්‍රීන් දිවුරුම් පෙත්සම් දීමටත්, සමහර මන්ත්‍රීවරුන්ට මාධ්‍ය හරහා ගොස් මුදල් ලබා නොගත් බවට සහතික කිරීමත් අනවශ්‍ය හා සාවද්‍ය ක්‍රියාවක් ලෙසට විශාල ජනමතයක් රටේ ගොඩ නැගෙනමින් පවතී. කවුරුන් මොනවා කීවත් අප අවනත විය යුත්තේ අපගේ හෘද සාක්ෂියට පමණි.
බැඳුම්කර පිළිබඳ විමර්ශනවලදී මෙවැනි සිද්ධීන් වාර්තා වුවහොත් අවශ්‍ය පියවර වහාම ගන්නා බවට පොලිසිය අපට දන්වා ඇත. එමනිසා මෙම අවස්ථාවේදී බුද්ධිමත්ව හා වගකීමෙන් ක්‍රියා කරන ලෙස සියලු පාර්ශ්වවලටත්, මාධ්‍යයටත් මම ආයාචනා කරමි."
මුදල් ලබා ගත් මන්ත්‍රීවරුන්ගේ හෝ වෙනත් අයගේ කිසිම ලැයිස්තුවක් නොපවතින බවට ඊට වගකිව යුතු සියලු අංශ විසින් මා දැනුවත් කර ඇත. එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂක නිලධාරීන් 25 දෙනෙකුගෙන් ප්‍රශ්න කළ බවට පැතිරුණ ආරංචියද සම්පූර්ණයෙන්ම අසත්‍ය ප්‍රවෘත්තියක් බවට පොලිසිය මා වෙත දන්වා ඇත.
"අම්පාරේදී වඳ බෙහෙත් මිශ්‍ර කළ අල හොද්දක් ගැන ඇති වූ බොරු ප්‍රචාරයෙන් රට ගිනිගත් ආකාරය අප සිහි කරන්නේ දැඩි කනගාටුවෙනි. දැන් ඇති වී තිබෙන තත්ත්වයද රටට ඉතා අහිතකර බව පෙන්වා දීමට කැමැත්තෙමි. ඊයේ සිට සමහර මන්ත්‍රීන් දිවුරුම් පෙත්සම් දීමටත්, සමහර මන්ත්‍රීවරුන්ට මාධ්‍ය හරහා ගොස් මුදල් ලබා නොගත් බවට සහතික කිරීමත් අනවශ්‍ය හා සාවද්‍ය ක්‍රියාවක් ලෙසට විශාල ජනමතයක් රටේ ගොඩ නැගෙනමින් පවතී. කවුරුන් මොනවා කීවත් අප අවනත විය යුත්තේ අපගේ හෘද සාක්ෂියට පමණි.
"බැඳුම්කර පිළිබඳ විමර්ශනවලදී මෙවැනි සිද්ධීන් වාර්තා වුවහොත් අවශ්‍ය පියවර වහාම ගන්නා බවට පොලිසිය අපට දන්වා ඇත. එම නිසා මෙම අවස්ථාවේදී බුද්ධිමත්ව හා වගකීමෙන් ක්‍රියා කරන ලෙස සියලු පාර්ශ්වවලටත්, මාධ්‍යයටත් මම ආයාචනා කරමි."

0 Comments