Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඓතිහාසික හමුවෙන් පසු ට්‍රම්ප් මාධ්‍ය අමතයි

තමා උතුරු කොරියාවේ සංචාරයක නිරත වීමට බලාපොරොත්තු වන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

සිංගප්පූරුවේදී අද පෙරවරුවේ පැවති ඓතිහාසික හමුවෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුව අමතමින් අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

මේ අතර අමෙරිකාවේ සංචරයක නිරත වන ලෙස තමා කළ ආරධනය උතුරු කොරියානු නායක කිම් ජොංග් උන් පිළිගත් බව ද අමෙරිකානු ජනාධිපතිවරයා එහිදී පවසා ඇත.

මෙම ගිවිසුමට අත්සන් තැබීමෙන් න්‍යෂ්ටික අවි හරණයට උතුරු කොරියාව එකඟ වී ඇතිදැයි ජනපති ට්‍රම්ප් ගෙන් මාධ්‍ය විමසූ විට කියා සිටියේ එම ක්‍රියාවලිය කඩිනමින් ආරම්භ කරන බවයි .

(කොරියානු අර්ධද්වීපය පූර්ණ වශයෙන් න්‍යෂ්ටික අවි හරණය කළ කලාපයක් බවට පත් කිරීම සඳහා එක්ව කටයුතු කිරීමට එකඟත්වය පළකරමින් එම ගිවිසුමකට අත්සන් තබා තිබේ)

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();