ඔහු ෆේස්බුක් දමා තිබූ සටහන පහතින් ,
මේ සීදූවෙ ඇතුලේ ගමක ජීවත් වෙන දරුවන් 8ක් ඉන්න සිංහල බෞද්ධ පව්ලක්.පියාට ස්තීර රස්සාවක් නෑ.කොන්දේ ඔපරේෂන් එකක් කරල ඉන්න නිසා බර වැඩ කරන්න බැහැ.ලමයි පාසල් යවන්නේත් කන්නේ බොන්නේ අදින්නේ බොහො අමාරුවෙන් .මට කතා කරල කිව්ව “…සර් අපිට ළමයි 8 ක් ඉන්නව.ඉන්න ගෙයක් වත් නෑ.දැනට ඉන්නේ කුලියට .ලොකු පුතා O L පාස් වෙලා ඉන්නේ.ඒත් එයා නගරේ පාසලට ඇතුලත් කර ගන්න රු 8600ක් පහසුකම් ගාස්තු වශෙයෙන් දෙන්න ඕන. ඒත් අපේ අතේ මේ වෙලාවෙ සල්ලි නෑ.පුලුවන් නම් ඒක ගෙවල දරුවව ඉස්කෝලෙට ඇතුල් කරල දෙන්න ..” කියල .මම ඇහුව “.. අම්මේ කන්න බොන්න තියෙනවද .””කියල..ඒ අම්ම කිව්ව “…සර්ට හැම දේම කියන්න බැහැනේ.ඒත් මහත්තයාට රස්සාවක් හරියට නැති නිසා කෑම අඩු පඩු කමුත් තියෙනව සර්…” කියල..මම දෙපාරක් හිතුවේ නෑ.ගත්ත වාහන කට්ට අතට.ගියා කඩේට. ගත්ත වියලි ආහාර .ගියා හොයාගෙන ගෙදරටම .වියලි ආහාර ටික දීලා දරුවව ඉස්කෝලෙට ඇතුලත් කරන්න ඉල්ලපු මුදලත් දුන්න..ඒ වගේම ඉතාමත් ඉක්මනට ගෙයක් හදා දෙන්නත් පොරොන්දු උනා..ඒ පොරොන්දුවත් මම ඉක්මනට ඉටු කරනවා..
ප්‍රියාන් මැණික් ..2018.6.9.


from Gossip Lanka News & Video https://ift.tt/2LGiZMv
via internet


0 Comments