ආදායම් බදු ගෙවීම පැහැර හැරීමේ චෝදනා හේතුවෙන් සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට වසර දෙකකට අත්හිටවු සිර දඩුවමක් නියමකර තිබේ.
අධිකරණය නියෝග කර ඇත්තේ, මෙම දඩුවමට අමතරව යුරෝ මිලියන 18.8 ක බදු මුදලක් ගෙවන ලෙසටයි.
එල්ලවී ඇති චෝදනා රොනාල්ඩෝ ප්‍රතික්ෂේප කර තිබු අතර පසුව එම චෝදනා පිළිගෙන ඇති බව ද සදහන්.
මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී ක්‍රිස්ටියානෝ රොනාල්ඩා් පෘතුගාල කණ්ඩායම නියෝජනය කරමින් තරග වැදීමට නියමිතයි.
විදෙස් මාධ්‍ය පැවසුවේ පෙර වැරදි නොමැතිවීම හේතුවෙන් ඔහුට අත්හිටවු සිර දඩුවම් නියමකර ඇති බවයි.
2011 වසරේ සිට 2014 වසර දක්වා යුරෝ මිලියන 12.9 ක බදු මුදලක් ගෙවීම පැහැර හැරි බවට ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට එරෙහිව චෝදනා එල්ල වී ඇත.

0 Comments