Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ට්‍රම්ප් එක්ක ගිවිසුම් අත්සන් කළ කිම් ඇමරිකාව දුන් පෑන ප්‍රතික්ෂේප කරලා

පසුගියදා ලොව පුරා කතාබහට ලක්වූ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් හා උතුරු කොරියා නායක කිම් ජොන් අතර හමුවේදී ගිවිසුම්වලට අත්සන් කිරීමේදී, ඇමෙරිකා නියෝජිතයන් ලබා දුන් පෑන අතට නොගෙන වෙනත් පෑනකින් එම ගිවිසුම්වලට අත්සන් තැබීමට කිම් ජොන් උන් කටයුතු කර තිබුණා.

ඒ පිළිබඳව මේ වන විට විදෙස් මාධ්‍යවල කතාබහට ලක්ව ඇති අතර උතුරු කොරියා නායකයා එසේ කරන්නට ඇත්තේ ඇමෙරිකානුවන් විසින් ලබා දුන් පෑනේ විෂ කැවීමක් කර ඇතැයි සැකයක් මතුවුණු නිසා විය හැකි යැයි ද විදෙස් මාධ්‍ය පෙන්වා දී තිබෙනවා.

කිම් ජොන් ඔහුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරන අයෙකු වන අතර ගිවිසුම් සඳහා අත්සන් කරද්දී, ඔහුගේ උපදේශිකාව මෙන්ම ඔහුගේ නැගණිය ද වන කිම් යෝ ජොං ද ඒ අසල සිටියාය.

ඇමෙරිකානුවන් දුන් පෑන් අතට ගැනීම වළක්වමින් තම සොයුරාට ඇය ඇය ළඟ ඇති පෑන ලබා දෙන දසුන් මේ වනවිට විදෙස් පුවත් සේවා ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී තිබෙනවා.



from Gossip Lanka News & Video https://ift.tt/2LQBhdP
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();