Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඥානසාර හිමිගෙන් මහාධිකරණයට අභියාචනාවක්

ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්ට හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබා දුන් දඬුවම් නියෝගයට එරෙහිව මහාධිකරණයට අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් එම දඬුවම් නියෝගයෙන් නිදොස් කොට නිදහස් කරන මෙන් හා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ නියෝගය අවලංගු කරන ලෙස මහාධිකරණයෙන් ඉල්ලා මෙම පෙත්සම අද දිනයේ දී හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඥානසාර හිමියන්ගේ නීතිඥ මංජුල මහාකුඹුර විසින් ඉදිරිපත් කර ඇත.

අ2016 වසරේ ජනවාරි 25 වෙනිදා හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණ භූමියේදී සන්ධ්‍යා එක්නැලිගොඩට බැනවැදී තර්ජනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ඥානසාර හිමියන්ට ඊයේ දිනයේ දී මාස 06කින් ගෙවී යන පරිදි  බරපතළ වැඩ සහිත වසරක සිර දඬුවමක් නියම කළ අතර රුපියල් 3000 ක දඩ මුදලක් හා රුපියල් 50,000 ක වන්දි මුදලක් ද එකවර ගෙවන ලෙස හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබුණි.

ඒ අනුව දණ්ඩ නීති සංග‍්‍රහයේ අංක 386 සාපාරාධී අඩත්තේට්ටම් කිරීම සහ අංක 486 යටතේ සාපරාධී බිය ගැන්වීම යන චෝදනා යටතේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව හෝමාගම පොලීසිය මඟින් පවරා තිබූ නඩුවේ තීන්දුව ප‍්‍රකාශයට පත් කරමින් මහේස්ත‍්‍රාත්වරයා විසින් ඥානසාර හිමියන් වැරදිකරු බවට ප්‍රකාශයට පත් කර දඬුවම් නියම කළේය.


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();