ශ්‍රී ලංකා ක්‍රිකට්හි වර්තමානයේ පවතින ක්‍රමවේදය පිළිබඳ තමාට කිසිදු විශ්වාසයක් නොමැති බව හිටපු ක්‍රීඩක මහේල ජයවර්ධන පවසයි.
සිය ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් මහේල මෙම අදහස් පළකර ඇත්තේ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින්.
ක්‍රීඩා අමාත්‍යවරයා මහේල ජයවර්ධන ද ඇතුලු ක්‍රීඩකයන් 05 දෙනෙකුගෙන් ඉල්ලා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් මෙන්ම රට පිළිබඳව ද සිතා ක්‍රිකට් ආයතනයේ උපදේශකයන් ලෙසට එක්වන ලෙසටයි.
ඊට ප්‍රතිචාර දක්වමින් මහේල පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටුවේ වසරක කාලයක් සහ විශේෂ උපදේශක කමිටුවේ මාස 06 ක කාලයක් තමා කටයුතු කළ බවයි.
කෙසේ වෙතත් එහිදී තමන්ගේ නිර්දේශ කිසිවක් ක්‍රියාත්මක නොවු බවයි මහේල ජයවර්ධන සිය ට්විටර් ගිණුමේ සටහන් කර ඇත්තේ.
එබැවින් පවතින ක්‍රමවේදය පිළිබඳ තමා තුල කිසිදු විශ්වාසයක් නොමැති අතර කිසිවෙකුට හෝ තම කාලය ගෙවා ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා තමන්ව භාවිත නොකරන ලෙසට ද මහේල ජයවර්ධන සඳහන් කර තිබේ.
කුමාර සංගක්කාර, මහේල ජයවර්ධන, මුත්තයියා මුරලිදරන්, රොෂාන් මහානාම සහ අරවින්ද ද සිල්වාට ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් කැපවීමට තමන් ඇරයුම් කරන බවයි අමාත්‍යවරයා සදහන් කළේ.

0 Comments