දෙපිරිසක් අතර ගැටුමක් සමථයට පත් කිරිම සඳහා මැදිහත් වූ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට කඩුවලින් පහරදීමට තැත් කළ අවස්ථාවේදී පොලිස් නිලධාරියෙකු කළ වෙඩි තැබීමකින් පුද්ගයෙකු මියගොස් තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ දියේ ගිලුණු පුද්ගලයෙකුගේ මළ සිරුරක් තෙලිප්පලෙයි රෝහල වෙත රැගෙන යමින් සිටියදී අදාළ පොලිස් නිලධාරීන් දෙදෙනා ගැටුම සමථයකට පත් කිරිමට මැදිහත්ව ඇති බවයි.
යාපනය, තෙලිප්පලෙයි, මල්ලාකම් මංසන්ධියේදී දෙපිරිසක් අතර, හටගත් එම ගැටුමෙන් දෙදෙනකු තුවාල ලබා තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

0 Comments