රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර අද ඇප මත මුදා හැරිණ.
ඒ හලාවත මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවයි.
සැකකරු ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සිට ගිලන් රථයකින් හලාවත මහේස්ත්‍රාත් අධිකරණය භූමියට රැගෙන ඒමෙන් පසු මහේස්ත්‍රාත්වරයා ගිලන් රථයට පැමිණි සැකකරු පරීක්ෂා කළේ ය.
සැකකරුට රුපියල් 50,000ක ශරීර ඇපයක් නියම කළ ඇති අතර ඔහුගේ රියැදුරු බලපත්‍රය අධිකරණය භාරයට ගෙන ඇත.
මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ, නඩුව අවසන් වන තුරු රිය ධාවනය නොකරන ලෙසයි.
යශෝධ රංගේ බණ්ඩාරගේ රිය අනතුරින් හානියට පත් නිවස යළි සකස් කර දෙන බවට ඔහුගේ නීතිඥවරු අධිකරණයේදී කියා සිටියහ.
පසුගිය 06 වන දා අලුයම 12.15 පමණ ආරච්චිකට්ටුව, කෝට්ටපිටිය මංසන්ධියේදී කැබ් රථයේ වේගය පාලනය කරගත නොහැකිව සිදුවූ රිය අනතුරකින් ඔහු ඇතුළු තවත් පුද්ගලයෙකුට තුවාල සිදුවිය.

0 Comments