“සංගා පරාදයි, මෙයා නම් යකෙක්” දික්වැල්ල ගැන ඉන්දියාවෙන් ලෝකෙටම ඇහෙන්න කතාවක්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන ‘සෝබර්ස් – තිසේරා කුසලාන’ තරගාවලියේ පළමු තරගය ලෙස ක්වීන්ස් පාක් ඕවල් පිටියේදී ඊයේ (6 වැනිදා) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගය පළමු දිනstrongය සඳහා නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි බටහිර ඉන්දීය කොදෙව්වෝ කඩුලු 6 ක් දැවී ලකුණු 246 ක් ලබා සිටියහ.

දිනය නිමාවන විට පන්දුවට පහරදෙමින් සිටි ෂේන් ඩෝව්රිච් ලකුණු 46 ක් ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටි අතර අනෙක් අන්තයේ රැදී සිටි දේවේන්ද්‍ර බිෂෝ ලකුණු ලබා සිටියේ නැත. කොදෙව් කණ්ඩායම වෙනුවෙන් වැඩිම පන්දු සංඛ්‍යාවකට (133) මුහුණදුන් ඩෝව්රිච්, සිය ඉනිම හතරේ පහර 5 කින් සරසා තිබිණ.
තරගය අතරතුරදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක නොරෝෂන් දික්වැල්ලගේ ක්‍රීඩා විලාසය දැක ඉන්දීය ක්‍රීඩා විස්තර විචාරක සුනිල් ගවස්කාර් පවසා සිටියේ නොරෝෂන් දික්වැල්ලගේ උද්යෝගිමත් බව කුමාර් සංගක්කාරද පරාජය කරවන බවය. කඩුල්ල පිටුපස සිට ඔහුගේ කැ ගැසීම කණ්ඩායමේ උද්යෝගයට අවශ්‍ය බවත් එය නිරෝෂන් දික්වැල්ල අන් කවරෙකුටත් වඩා ඉතා හොදොන් සිදු කරන බවද පවසා සිටියේය.
from Gossip Lanka News & Video https://ift.tt/2sKAvqU
via internet
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments