සිය රටේ ප්‍රතිරූපය පිළිබඳ දැවැන්ත වෙනසක් අභියස සිටින සෞදි අරාබියේ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් අද ප්‍රකාශයට පත් කරනු ලැබූ බව විදෙස් වාර්තා පවසයි.
සෞදියේ ඔටුන්න හිමි කුමරු ලෙස මොහොමඩ් බින් සල්මාන් කුමරු නම් කිරීමෙන් පසු එහි සිදු කෙරෙන දෙවන කැපී පෙනෙන වෙනස මෙයයි.
සල්මාන් කුමරු සිය පිය රජු යටතේ සෞදි උප අග්‍රාමාත්‍යවරයා ලෙස ද කටයුතු කරන අතර ඔහු විසින් අද ප්‍රකාශයට පත් කළ සංශෝධනයට අනුව, කම්කරු, ඉස්ලාමීය කටයුතු සහ සංස්කෘතික අමාත්‍ය ධුර වෙනස් කර තිබේ.
සෞදියේ ශුද්ධ වූ මැකා නගරයට වාර්ෂිකව හජ් වන්දනාවේ පැමිණෙන බැතිමතුන් පිළිබඳ සලකා බැලීමට රාජකීය කොමිසමක් පත් කෙරෙනයි.
එහි සභාපති ධුරය ද සල්මාන් කුමරු විසින් දරනු ඇති.

0 Comments