Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඥානසාර හිමියන්ට එරෙහි නඩුව කල් යයි

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු 13 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුව නොවැම්බර් මස 23 වනදා දක්වා කල් තැබීමට නියෝග කලේය.

එ්  අභියාචනාධිකරණය විසින්.

අදාළ නඩුව අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන දීපාලි විජේසුන්දර සහ අචල වෙන්ගප්පුලි හමුවේ අද කැදවූ අවස්ථාවේදීයි.

2008 වසරේදී තලංගම - තලාහේන ප්‍රදේශයේ ආගමික මධ්‍යස්ථානයකට කඩා වැදී එහි දේපල වලට හානි කිරීමේ සිද්ධියකට අදාලව මීට පෙර මහාධිකරණය මෙම පිරිස නිදොස් කොට නිදහස් කර තිබුණි.

එම මහාධිකරණ තීන්දුව අභියෝගයට ලක් කරමිනුයි නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ මෙම නඩුව ගොනු කර අැත්තේ.


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();