Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අපරාධ රැසක සැකකරුවන් ඇල්ලූ “කෝරා” අවසන් ගමන් ගිය හැටි මෙන්න

හැටන් පොලිස් කොට්ඨාශ සුනඛ අංශයේ වසර 3 කට වැඩි කාලයක් රාජකාරී කළ කෝරා සුනඛයා මියගොස් තිබෙනවා.

කෝරා මියගොස් ඇත්තේ පිළිකාවක් හේතුවෙන් බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වී තිබෙනවා. මරණ පරීක්ෂණය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය අංශයේ වෛද්‍යවරුන් විසින් සිදු කර තිබෙනවා.

පසුගිය 29 වනදා මහනුවර අස්ගිරිය නිල සුනඛ මුලස්ථානයේ පුහුණුවක් සඳහා කෝරා රැගෙන ගිය අවස්ථාවේ දී මරණයට පත්ව තිබුනා.

හැටන් පොලිස් කොට්ඨාශයේ සිදුවූ අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මෙන්ම මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාද වන්දනාවේ පැමිණි පුද්ගලයන් රැසක් කොටුකර ගැනීමට කෝරා සුනඛයා සමත්වුනා. එම සත්වයාගේ අවසන් කටයුතු හැටන් පොලිසියේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ආගමික වතාවත් පවත්වා සිදුකර තිබෙනවා.

මේ එම අවස්ථාවේ ඡායාරූපයි.

1 2 3

4 5 6 7



from Gossip Lanka News & Video https://ift.tt/2J6QNBj
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();