එක් එක් ජන්ම ලාභීන්ට මෙන්ම රටටත් ලෝකයටත් ඉදිරියේදී සිදුවිය හැකි යහපත් මෙන්ම අයහපත් සංසිද්ධින් පිළිබදව ජ්‍යොතිෂය අනුව පුරෝකතනය කිරීම අතීතයේ සිටම සිදුවන්නකි. එබැවින් යම් සිද්ධියක් හටගැනීමට පෙර ඒ පිළිබඳව පුර්ව සුදානමකින් සිටීම හැමතින්ම වැදගත් වෙයි. මේ දිනවල ලංකා කේන්ද්‍රය වටා ඇති ග්‍රහ සිත්තමේ බලපෑම රට කෙසේ බලපාන්නේද යන්න පිළිබද වීමසීම සදහා ටොලමියානු ප්‍රවීණ ජොතිර්වේදී කේ.සී.ජේ රත්නායක මහතා අද හා කළ සාකච්ඡාවේදී අදහස් දැක්වූයේ මෙලෙසිනි.}
මේ වන විට ලංකා කේන්ද්‍රය වටා හරි අපුරූ ග්‍රහ සිත්තමක් නිර්මාණය වී තිබේ. ගුරු, ශනි, කුජ, රාහු, යුරේනස් සහ නෙප්චූන් යන ග්‍රහයන් එකී සිතුවමේ ප්‍රධාන චරිත වෙයි. එක්තරා අතකින් බලන කළ මෙය කලාතුරකින් දක්නට ලැබෙන අවස්ථාවකි. මේවන විට ලංකා කුම්භ ලග්න කේන්ද්‍රයේ ලග්නය මත නෙප්චූන්ද, 3වැන්නේ යුරේනස්ද , 6වැන්නේ රාහුද, 9වැන්නේ ගුරුද, 11වැන්නේ සෙනසුරුද, 12වැන්නේ කුජ හා කේතුද පිහිටයි. බැලු බැල්මට නම් රසවත් අයිසින් යෙදු කේක් බන්දෙසියක් මෙන් මේ රූපය වර්ණවත්ව පෙනෙන නමුත් එකී අයිසින් තට්ටුව යට සයනයිඩ් බදු විෂ සැඟවී ඇති බවත් කිව යුතුයි.
පසුගිය මාර්තු 10දා තුලා රාශියේ අංශක 29.07 සිට වක්‍ර වු ගුරු ග්‍රහයා ලබන ජුලි මස 10දා තෙක් තුලා රාශියේ අංශක 19.14 දක්වා වක්‍රව ගමන් කරයි. පසුගිය අප්‍රේල් 20දා සිට සෙනසුරු ග්‍රහයා ධනු රාශියේ අංශක 15.02 සිට ලබන සැප්තැම්බර් 7දා දක්වා ධනු රැසේ අංශක 08.26දක්වා වක්‍රව ගමන් ගනියි. ලබන ජුනි 27දා මකර රාශියේ අංශක 15.06දී වක්‍ර වන කුජ ග්‍රහයා ලබන අගොස්තු 28දා තෙක් මකර රාශියේ අංශක 04.30 දක්වා වක්‍ර වේ. මීට අමතරව ලබන ජුනි 19දා කුම්භ ලග්නයේ අංශක 22.23දී නෙප්චූන් ග්‍රහයා වක්‍ර වේ. එකී නෙප්චූන් ලබන නොවැම්බර් 25දා කුම්භ රාශියේ අංශක 19.35දී නිවෘත වෙයි.
ඉහත කී ග්‍රහ පිහිටිම ටොලමියානු ජ්‍යොතිෂයට අදාළ දෘෂ්ටි කෝණයෙන් බලන කළ රාහු, ගුරු, කුජ සහ යුරේනස් යන ග්‍රහයන් 4දෙනා එකිනෙකාගෙන් කේ න්ද්‍රස්ථානගතව පිහිටන අයුරු පෙනෙයි. එමෙන්ම සෙනසුරු හා යුරේනස් අතර ත්‍රිකෝණ දෘෂ්ටියක්ද, ගුරු හා නෙප්චූන් අතර ත්‍රිකෝණ දෘෂ්ටියක්ද නිර්මාණය වෙයි.
මෙහි සුවිශේෂීත්වය වන්නේ වායු ග්‍රහයන් දෙදෙනෙක් එක් අක්ෂයක ද ආකාශ සහ අග්නි ග්‍රහයන් දෙදෙනකු අනෙක් අක්ෂයේ ද පිහිටා සිටින ලෙස නිර්මාණය වන චතුරශ්‍රය ලංකා කෙන්ද්‍රයේ 3, 6, 9, සහ 12 යන මර්මස්ථාන විපරීත ආකාරයෙන් උත්තේජනය කිරීමයි. ගුරු සහ නෙප්චුන් අතර හට ගන්නා ත්‍රිකෝණය යහපත් වන නමුත් සෙනසුරු හා යුරේනස් අතර හට ගන්නා ත්‍රිකෝණය හොඳ නරක දෙකම කැටි වු මිශ්‍ර ඵලසහිත ත්‍රිකෝණයකි.
මෙහි එන අනෙක් විශේෂත්වය වන්නේ ගුරු, ශනි, කුජ සහ නෙප්චූන් යන ග්‍රහයන් සිව්දෙනාම වක්‍රව ගමන් කරමින් සිටිමයි. ලංකා කෙන්ද්‍රෙය් 9වැන්නේ ගුරුද, 11වැන්නේ සෙනසුරුද, 12වැන්නේ කුජද, ලග්න ශිර්ෂයේ නෙප්චුන්ද වක්‍ර වේ. සමාන්‍ය සම්මත තර්කනයට හසු නොවන අභූත අද්භූත විකාරරූපී විපරිවර්තන රැසකට ඉදිරිකාලයේදී ශ්‍රී ලංකාව මුහුණ දෙන බවට මේ ප්‍රබල පෙර නිමිත්තකි. ටොලමියානු ශක්ති චක්‍ර විශ්ලේෂණය අනුව ගත්කළ ගුරු ග්‍රහයා ආකාශ සහ වායු ශක්ති කලාප දෙකක වක්‍ර වේ. සෙනසුරු ජල සහ ගිනි ශක්ති කලාපයක වක්‍ර වේ. කුජ ග්‍රහයාද ජල සහ ගිනි ශක්ති කලාපයක වක්‍ර වේ. නෙප්චූන් ආකාශ සහ වායු ශක්ති කලාපයක වක්‍ර වේ.
ලංකා කේන්ද්‍රය ත්‍රිවිධාකාරයකින් වායු බලයට නතු වු ලග්නයකි. ලෝකායන ජොතිශය අනුව ගත්කළ අපේ රටේ ලග්නයේ සම අධිපතියන් වන්නේ සෙනසුරු හා යුරේනස් ය. කුම්භ රාශියද ඊට අධිපති ග්‍රහයන් දෙදෙනාද, වායු බලයෙන් යුක්ත වෙයි. අපේ රටේ මිනිසුන්ට සිදුවීම් හා අතීතය බොහෝ ඉක්මනට අමතක වෙනවා යන කියමනද මේ සමගම සැබෑ වෙන බව විහිලුවට වුවත් කීම සාධාරණ වෙයි. මන්ද සුළගට සියල්ල ගසාගෙන යන බැවිනි. එහෙයින් අතීතය මෙන්ම එහි පාඩම්ද මේ රටේ මිනිසුන්ට වැඩි කල් මතකයේ රැඳෙන්නේ නැත. විහිලුවට කීවත් එහි යම් පදනමක් තිබෙන බව මේ අනුව පෙනෙයි. අපේ රටේ රජය හා ආණුඩුව නියෝජනය කරන දස වැන්න වෘශ්චික රැසට නතු වේ. වෘශ්චිකය යනු රාශි චක්‍රයේ අඳුරු පතාල විසකුරු ස්ථානයකි.
රාශි චක්‍රයේ 8 වැන්නට හිමි වෘශ්චිකය තුළින් නිරූපණය කරන්නේ යටි උගුල් කුමන්ත්‍රණ පාවාදීම් ඊර්ෂ්‍යාව මමංකාරය කුහක බව සහ ද්වේශය ආදී කලු බලවේගයන්ය. ඈත අතීතයේ සිටම ගත්කළ කොතරම් බල සම්පන්න රජෙකුට හෝ පාලකයකුට වුවත් වැඩි කල් පවතින්නට නොහැකි වන්නේ රජ ගෙදරින්ම හෝ රජය තුළින්ම හෝ රජුට එරහිව මතුව එන පාවාදීම්, ද්‍රෝහිකම් සහ කුමන්ත්‍රණ බලවත් වන හෙයිනි. අප නොදන්නා රාවණා පුරාවෘත්තයේ සිට මේ දක්වා රට පාලනය කළ සෑම රාජ්‍ය නායකයෙකුටම හා සෑම ආණ්ඩුවකටම තම බලය අතහැර දැමීමට සිදුවුයේ අභ්‍යන්තර කුමන්ත්‍රණ සහ ද්‍රෝහීවිම් හා පාවාදීම් නිසාය.
ලංකා කෙන්ද්‍රයේ 10 වැන්න වෘශ්චිකයට අයත් වීම නිසාම අපේ රටේ ඕනෑම ආණ්ඩුවක් හෝ රාජ්‍ය පාලකයෙක් හෝ අභ්‍යන්තර පාවා දීම් හේතුකොට ගෙන බෙලහීන වුවා සේම එහි බලපෑම අනාදිමත් කාලයක සිට මේ දක්වාම ලංකා පුරවැසියන්ට ශාපයක් ලෙස විපාක දෙන බව පෙනෙයි.
එකී අවදානම් සහගත ග්‍රහචාරය නිසි ලෙස සකස් වුවහොත් මිස එකී තත්ත්වය හැම විටම බලපවත්වන්නේ නැති බවත් අවධාරණය කළ යුතුයි. ලංකා කෙන්ද්‍රයේ රජය නියෝජනය කරන දස වැන්න අධිපති කුජ මේ වන විට රටේ කේ න්දරයේ 12 වැන්නේ ගමන් ගනිමින් සිටින අතර, ලබන 27දා සිට කුජ වක්‍ර වේ. රජය සහ රාජ්‍ය පාලකයන් සම්බන්ධයෙන් සමාජයේ දැඩි පිළිකුළ සහ විරෝධාකල්ප උග්‍ර කරවන ආන්දෝලනාත්මක වාතාවරණයක් එයින් නිර්මාණය වේ.
එකී තත්ත්වය උපරිම වශයෙන් නොවැම්බර් 6 දක්වා හිස ඔසවයි. ඒ කාල සීමාව තුළ පාලක පක්ෂය තුළ එකෙකුට එකෙක් නැති සහ ආණ්ඩුවක් නොපවතින තත්ත්වය දක්වා අස්ථාවර භාවයක් ගෙන දිය හැකියි.
ලංකා කෙන්ද්‍රයේ ලග්නාධිපති වු සෙනසුරු 11වැන්නෙහි ලබන සැප්තැම්බර් 7දා දක්වා වක්‍රව ගමන් ගැනිමද අවාසනාවකි. රජයේ ආදායම් සහ ජාතික නිෂ්පාදනය රටේ සංවර්ධන කටයුතු අත්‍යඅවශ්‍ය නඩත්තු කටයුතු යනාදිය වු මහජන සුභසාධනයට අදාළ ක්ෂේත්‍ර එමගින් පසුබැස්මකට ලක්වේ. එකී පීඩාකාරි කාල පරිච්ඡේදයෙන් හිස ඔසවන්නට හැකි වන්නේ සැප්තැම්බර් මස මැද භාගයේ සිටය.
ලංකා කෙන්ද්‍රයේ ලග්නාධිපති වු සෙනසුරු 11වැන්නෙහි ලබන සැප්තැම්බර් 7දා දක්වා වක්‍රව ගමන් ගැනිමද අවාසනාවකි. රජයේ ආදායම් සහ ජාතික නිෂ්පාදනය රටේ සංවර්ධන කටයුතු අත්‍යඅවශ්‍ය නඩත්තු කටයුතු යනාදිය වු මහජන සුභසාධනයට අදාළ ක්ෂේත්‍ර එමගින් පසුබැස්මකට ලක්වේ. එකී පීඩාකාරි කාල පරිච්ඡේදයෙන් හිස ඔසවන්නට හැකි වන්නේ සැප්තැම්බර් මස මැද භාගයේ සිටය.
ලංකා කෙන්ද්‍රෙය් 9වැන්නේ තැන්පත් ගුරු ග්‍රහයා ජුලි 10දා තෙක් වක්‍ර වන්නේද රාජ්‍ය තාන්ත්‍රික සහ විදේශ වෙළද ගිවිසුම් ආදියෙන් රටට අහිතකර වාතාවරණයකට යටත් වෙමිනි. ලංකා කෙන්දරයේ දෙවැන්නේ සමඅධිපති වු නෙප්චූන් නොවැම්බර් මස 25දා දක්වා කුම්භ රාශියේම වක්‍ර වන්නේ 11වැන්න හෙවත් අය මාර්ග ලබා දෙන ශක්ති කලාපයේම වීම විශේෂත්වයකි.
ඉතිහාසයේ දරුණු ආර්ථික අහේනියක් සහ අපේ රටේ වත්කම් අහිමි වීමේ තත්ත්වයක් මේ වසරේ නොවැම්බර් 25දා තෙක් එමගින් නිර්මාණය කරයි.
සමස්තයක් වශයෙන් ගත්කළ ගුරු, ශනි, කුජ, නෙප්චූන් යන ග්‍රහයන්ගේ වක්‍ර වීම් හේතු කොටගෙන අපේ රටට සහ රට වැසියන්ට පීඩා දායක තත්ත්වයක් මේ වසරේ අග භාගය දක්වා අත්විදින්නට සිදුවන බැව් පෙනේ.
දෙවනුව රටේ කුම්භ ලග්න කෙන්දරයේ 12, 3, 6 සහ 9 යන මර්මස්ථාන වායු සහ ගිනි කාරක ග්‍රහයන් වෙතින් විපරීත ලෙස උත්තේජනය වීම නිසා රෝහල් සෞඛ්‍ය සහ කම්කරු ප්‍රජාවද ගිහි පැවදි උගතුන්ද ව්‍යාපාරිකයන්ද, ස්වං රැකියාවන්හි නියුතු පිරිස්ද පසුබැස්මට ලක්වේ. සෙනසුරු සහ යුරේනස් අතර පවතින ත්‍රිකෝණය යනු ළග ළගම එන දේශපාලන පරිවර්තනයක් පිළිබද අති ප්‍රබල සංඥාවකි. පසුගිය අප්‍රේල් 20 දා සිට ලබන සැප්තැම්බර් 7දක්වා වු කාලය එකී පරිවර්තනය සදහා වු රහසිගත පෙරහුරු සිදුවන කාල සීමාව ලෙස ගත යුතුය.
රටට ලෝකයට එහි ප්‍රතිඵල දකින්නට ලැබෙන්නේ නොවැම්බර් 7වැනිදායින් පසුවයි. තුන්වැනුව වකු ගුරු සහ වක්‍ර නෙප්චුන් අතර හට ගන්නා 1/9 ත්‍රිකෝණය මගින් කියා පාන්නේ මාර්තු 10 සිට ජුනි 10 දක්වාත් එතැන් සිට නොවැම්බර් 25දා දක්වාත් රටේ වගකිව යුතු ප්‍රභූවරුන්ද ගිහි පැවදි උගතුන්ද විපරීත අදහස් ඇතිව කළ යුතු දේ වෙනුවට නොකළ යුතු දේම කරමින් සිටින විපර්යාසයකට පත්වන බවයි.
අවසන් වශයෙන් සදහන් කළ යුතු වන්නේ මේ වසරේ නොවැම්බර් මස 7වැනිදායීන් පසුව සමාන්‍යෙයන් කෙනෙකුට ඇස් අදහාගත නොහැකි පරිවර්තන සිදුවන බවත් මෙතැන් සිට ඒ දක්වා වු කාලය ශ්‍රී ලංකාව සහ එහි බලධාරීන් කළ යුතු දේ වෙනුවට නොකළ යුතු දේම කරන්නනවුන් ලෙස සමාජයේ මතභේදයට හා ගරහාවට ලක්වන දුෂ්කර අවස්ථාවකට පත්වන බවයි.
අවසන් වශයෙන් සදහන් කළ යුතු වන්නේ මේ වසරේ නොවැම්බර් මස 7වැනිදායීන් පසුව සමාන්‍යෙයන් කෙනෙකුට ඇස් අදහාගත නොහැකි පරිවර්තන සිදුවන බවත් මෙතැන් සිට ඒ දක්වා වු කාලය ශ්‍රී ලංකාව සහ එහි බලධාරීන් කළ යුතු දේ වෙනුවට නොකළ යුතු දේම කරන්නනවුන් ලෙස සමාජයේ මතභේදයට හා ගරහාවට ලක්වන දුෂ්කර අවස්ථාවකට පත්වන බවයි.


0 Comments