Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ෆුඒගෝ සක්‍රීය වීමෙන් මිය ගිය ගණන 62 දක්වා ඉහළට

ගෝතමාලාවේ ෆුඒගෝ ගිනි කන්ද පිපිරීමෙන් මිය ගිය පුද්ගල සංඛ්‍යාව 62 දක්වා ඉහළ ගොස් තිබේ.

මෙම අගය තවත් ඉහළ යා හැකි බව බලධාරීන් සදහන් කර ඇත. ගෝතමාලාවේ සිටි අගනුවරට නිරිත දෙසින් පිහිටි මෙම ගිනි කන්ද, අලු හා දුම් පිට කරමින්, පසුගිය 03වනදා සක්‍රීය වීය.

ඉන් එක්වරම අළු සහ මඩ නිකුත් වීම නිසා ප්‍රදේශවාසීන් බොහෝ දෙනෙකු මිය ගොස් තිබුණි.

ගිනි කන්දෙන් නැගුණු දුමාරය අඩි 33,000ක් පමණ ඉහළට පැතිර ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. ගෝතමාලාවේ අගනුවර පිහිටි අන්තර්ජාතික ගුවන්තොටුපොළ ද වසා දැමුණි.

සිද්ධියත් සමග එරට ජනාධිපති ජිම් මොරාලෙස් විසින් දින තුනක ශෝක කාලයක් ද ප්‍රකාශයට පත් කරනු ලැබීය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();