ගාසා තීරණයේ පලස්තීන විරෝධතාකරුවන් සහ ඊශ්‍රායල හමුදා සොල්දාදුවන් අතරේ පැවති ගැටුම් වල දී ඉතා අවාසනාවන්ත ලෙස වෙඩි පහරකින් මිය ගිය සූරූපී හෙදියක වන 21 හැවිරිදි රසාන් අල් නජාර්ගේ අවසන් කටයුතු සඳහා පලස්තීනුවන් දස දහස් ගණනක් සහභා ගී වී තිබෙනවා.
පසුගිය සිකුරාදා (1) දිනයේ ගාසා තීරණයේ පලස්තීන විරෝධතාකරුවන් සහ ඊශ්‍රායල හමුදා සොල්දාදුවන් අතරේ දරුණු ගැටුම් පැවැති අතර, ස්වේච්ඡා හෙදියක ලෙස රසාන් අල් නජාර් ද එම ගැටුම්වලදී තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කිරීමට ගොස් සිටියා. එහිදීයී ඇය ඊශ්‍රායල හමුදා සොල්දාදුවන්ගේ වෙඩි ප්‍රහාරයට ලක් වූයේ.
මේ අතර හෙදිය ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීම මුල්කොට ගනිමින්, ගාසා තීරයේ පලස්තීනුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා කුවේට් රාජ්‍යය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට යෝජනාවක් ද ගෙනා අතර, ඇමෙරිකාව සිය නිෂේධ බලය පාවිච්චි කරමින් ඊට විරෝධය පළ කර තිබෙනවා.





from Gossip Lanka News & Video https://ift.tt/2sIOyNR
via internet



0 Comments