ගලේවෙල, පහළවෙලදී වූ ඉන්ධන බවුසරයක් යතුරු පැදියක ගැටී පසුව බස් රථයක ගැටීමෙන් පුද්ගලයින් සිව් දෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
අනතුරින් බස්රථයේ පා පුවරුවේ ගමන්ගත් පුද්ගලයින් දෙදෙනෙක්, බවුසරයේ රියැදුරු සහ යතුරු පැදියේ සිටි කාන්තාවක් තුවාල ලැබූ බවයි ෙපාලිසිය පැවසුවේ.
අනතුර සිදුව අැත්තේ, බවුසරයේ රියැදුරට එහි වේගය පාලනය කරගැනීමට නොහැකිවීමෙන් බව ද සදහන්.
තුවාල ලැබූවන් ගලේවෙල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඉන් තිදෙනෙක් දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

0 Comments