Ticker

6/recent/ticker-posts

Header Ads Widget

'Samsung' 'Apple'ට ඩොලර් මිලියන 539ක් ගෙවයි

iPhone ජංගම දුරකතනයේ මුල් පිටපතෙහි ඇතුළත් අංග අනුකරණය කිරීමේ චෝදනාව මත 'ඇපල්' සමාගමට ඩොලර් මිලියන 539ක වන්දියක් ගෙවන ලෙස ඇමරිකානු අධිකරණයක් දකුණු කොරියාවේ පිහිටි 'සැම්සුන්' සමාගමට නියෝග කළේය.

ලෝකයේ විශාලතම 'ස්මාර්ට්' ජංගම දුරකථන නිෂ්පාදකයන් දෙදෙනා අතර පැවති මෙම නඩුවේ තීන්දුව ලබා දීමට ජූරි සභාවක සහාය ලබා ගැනීමට ද අධිකරණය කටයුතු කළේය.

තමන් සතු සමහර පේටන්ට් බලපත්‍ර සැම්සුන් සමාගම උල්ලංඝනය කර ඇති බව පවසමින් ඇපල් සමාගම 2011 දී නීතිමය පියවර ගැනීමට කටයුතු කර තිබුණි.

ඉන් වසරකට පසු ඇපල් සමාගමට වන්දි වශයෙන් ඩොලර් බිලියන 1.05ක් ගෙවීමට සැම්සුන් සමාගමට සිදු විය.

එහෙත් ගෙවිය යුතු සම්පූර්ණ වන්දි මුදල සම්බන්ධයෙන් සැම්සුන් සමාගම විරුද්ධ වූ බැවින් ඒ පිළිබඳ දීර්ඝ නඩු විභාගයක් පැවැත්විණ.

වසර ගණනාවක අධිකරණ ක්‍රියාවලියකින් පසු ලබා දුන් නව තීන්දුව අනුව, ඇපල් ජංගම දුරකතනයේ නිර්මාණය සඳහාවන පේටන්ට් බලපත්‍ර තුනක් උල්ලංඝනය කිරීමේ වරදට වන්දි වශයෙන් ඩොලර් මිලියන 533.3ක් ගෙවීමට සැම්සුන් සමාගමට සිදු වනු ඇත. 

iPhone හි ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් ඇති පේටන්ට් බලපත්‍ර දෙකක් උල්ලංඝනය කිරීමට වන්දි වශයෙන් ඉතිරි මුදල ගෙවිය යුතුය. මේ අනුව ගෙවිය යුතු මුළු වන්දි මුදල ඩොලර් මිලියන 539කි.

(බී.බී.සිය ඇසුරෙනි)

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();