Ticker

6/recent/ticker-posts

Header Ads Widget

“මට කාත් එක්ක හරි කතා කරන්න ඕන වුණොත් නිදහසේ කතා කරන්නත් නැහැ…”

කණ්ඩායම් සංගීතය තුළ වෙනසක් කළ නායකයෙක්, ගායකයෙක් හැටියට නලින් පෙරේරාව හදුන්වා දෙන්න පුළුවන්. ඔහුගේ ඒ වෙනස සංගීතය තුළ අදත් දකින්න ලැබෙනවා. සංගීත කණ්ඩායම තුළ පෙරළිකාර වෙනසක් කරන නලින් අවුරුදු 30ක පළපුරුද්දත් එක්ක ආයෙමත් අලුත් වෙලා. ඒ වෙනස ගැන ඔහු කියන්නේ මෙහෙමයි.

නලින් පෙරේරා කියන ගායකයා නිරන්තරයෙන්ම සංගීතයත් එක්ක වෙනස් වෙනවා. අලුත් වෙනවා, අලුත්ම වෙනස ගැන කතා කළොත්..?
මම නිතරම මගේ සංගීතයේ පළපුරුද්ද එක්ක තමයි වෙනස් වෙන්න උත්සහ කරන්නේ. අත්දැකීම් එක්ක. අපේ අලුත් සිංදුවත් එහෙමයි. “වෙලාව කෝ..” මේක තමයි අලුත් වෙනස.

මේ අලුත් වෙනස කරන්න නලින්ගේ මේරියන්ස් කණ්ඩායමේ සාමාජිකයින් ලොකු බලපෑමක් වුණා කියනවා..?
එයාලා නිසා තමයි මම මේ සිංදුව හදන්න පසුබිම හදාගන්නේ. මොකද අපේ කට්ටිය ප්‍රැක්ටිස් ඉවර වුණ ගමන්ම අතට ගන්නේ ෆෝන් එක. විනාඩියක බ්‍රේක් එකක් ලැබෙන්න බැහැ. මට කාත් එක්ක හරි කතා කරන්න ඕන වුණොත් නිදහසේ කතා කරන්න නැහැ. ඉස්සර එහෙම නෙමෙයි. තාක්ෂණයට වඩා අපි සතුටින් කාලය ගත කළා. විහිළුවෙන් විනෝදයෙන්. ඒත් දැන් හැමෝම ෆෝන් එකට ඔලුව දාගත්ත ගමන් ඉන්නේ. රටේ බොහෝ දෙනෙක් තාක්ෂණයත් එක්ක ජිවත් වෙන්නේ. ඉන්නේ කොහෙද මොනවාද කරනේ කියලාවත් මතක නැහැ. මම අපේ අයට කෑගහලා තියෙනවා. මොකක්ද මේ කරන්නේ කියලා, එහෙමවත් අහන්නේ නැහැනේ. ඉතින් මට වෙලාව කෝ කියන වචන ටික ඔළුවට ආවා.

සංගීත කණ්ඩායමේ සගයෝ ටිකගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද දැන්..?
ප්‍රතිචාර හොදයි. සින්දුව සාර්ථකව කරගන්න උදව් කළා. මේ සින්දුව ලියන්න අදහස මට ආවට පද රචනය කළේ කැළුම් ශ්‍රීමාල්. තනුව මගේ. වීඩියෝ එක කළ ප්‍රඩක්ෂන් එකත් ලොකු සහයෝගයක් දුන්නා.

නලින්ට අන්තර්ජාලය, අලුත් තාක්ෂණය ගැන තරහක් තියෙනවා වගේ..?
කිසිම තරහක් නැහැ. ඒත් අපි සැබෑ ජිවිතේ හොයාගන්න ඕන. ලස්සනට ජිවත් වෙන්න ඕන. ඒ නිදහස සතුට මේ කියන තාක්ෂනය එහෙම නැති නම් ස්මාට් ෆෝන් ෆේස් බුක් වගේ සමාජ ජාල වල නැහැ. ඇත්තටම කිව්වොත් තාක්ෂනය කියන එක ස්මාට් ෆෝන් ලෝකයට විශ්මිත දෙයක්. ඒ දේවල්වලින් බොහෝ දේ කරන්න පුළුවන්. හරි තැනින් අල්ලා ගන්න ඕන. නැතිනම් අනවශ්‍ය දේවල් එක්ක කාලය කනවා. ෆෝන් එක හොයා ගත්තේ graham bell, එතකොට ඇපල් ෆෝන් එක හොයා ගත්ත steve jobs. ෆේස් බුක් නිර්මාතෘ mark zuckerberg මේ තුන්දෙනාම මිනිස්සුන්ගේ ජීවිතවල කාලය හොරා ගත්ත අය හැටියටයි මම නම් දකින්නේ.

ඔය කියන යුද්ධය නලින්ගේ ගෙදර නැද්ද..? දරුවෝ දෙන්නා තාරුණ්‍යය විදින අය. ඒ දෙන්නට මේ කියන තාක්ෂනය තහනම් කරලද..?
අපේ ගෙදරත් ඔය ප්‍රශ්නේ තියෙනවා. දුවයි පුතයි දෙන්නා එක්ක අපිට කතා කරන්නත් නැහැ. එයාලා ෆෝන් එක එක්ක බිසී. එයාලව ඒකෙන් ගලවා ගන්න මමත් උත්සහ කළා. නමුත් එයාලවත් ගලවා ගන්න ලෙහෙසි නැහැ.

තාක්ෂනය එක්ක ඔට්ටු වෙන තරුණ පිරිසට නලීන් විවේචනය කරනවා. නමුත් ඔබ ගීතය එළි දක්වන්නේත් අලුත් තාක්ෂණයට.youtube එකටයි ඔබ ගීතය මුදාහරින්නේ..?
මම විවේචනයක් කළේ නැහැ. අපේ සුන්දර කාලේ තාක්ෂණය නිසා නැති වුණා කියන දේ කියන්නේ. ජනතාව අතරට ගීතය youtube හරහා මම ගෙනියන්නේ බොහෝ දෙනෙක් එය නරඹන නිසයි. මේ වෙනකොටත් බොහෝ දෙනෙක් ප්‍රතිචාර දක්වලා තියෙනවා. Marians කියන youtube චැනල් එකට ඇවිත් subscribers කරන්න කියලා මගේ රසිකයින්ගෙන් ඉල්ලනවා.

හැමදාම අලුත් වෙන මේරියන්ස් කණ්ඩායම 30 වැනි සංවත්සරයත් සමරන්න ලගයි. ඒ වෙනුවෙන් අලුත් දෙයක් කරන්න අදහසක් නැද්ද..?
ජූලී මාසේ 14 වැනිදාට අපේ සංවත්සර ප්‍රසංගය BMICH එකේ පවත්වන්න කටයුතු කරනවා. ඒකත් වෙනස්ම අරක් ගන්නවා. ඒ වගේම අලුත් ගීත දෙක තුනක්ම එළි දක්වනවා.



from Gossip Lanka News & Video https://ift.tt/2JOsfND
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();