මැලේසියාවේ පැවැති මහ මැතිවරණයෙන් ලැබූ විශිෂ්ට ජයග්‍රහණය වෙනුවෙන් උණුසුම් සුබ පැතුම් පිරිනමන බව, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මැලේසියාවේ අගමැති ලෙස නැවතත් තේරී පත් වූ වෛද්‍ය මහතීර් මොහොමඩ් මහතා වෙත සුබ පැතුම් පණිවුඩයක් යවමින් කියා සිටියි.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුබ පැතුම් පණිවුඩය මෙසේය.
‘ඔබේ ප්‍රඥාව හා විවිධ අත්දැකීම්, කැපවීම සහ දැක්ම සමඟ මැලේසියාව සෞභාග්‍යයේ හිණිපෙත්තට මඟපෙන්වනු ඇතැයි මම විශ්වාස කරමි.
ශ්‍රී ලංකාව හා මැලේසියාව සාම්ප්‍රදායික සහ දිගුකාලීන මිත්‍රත්වයේ නව මානයන් කරා ළඟා වී තිබේ. අපේ රටවල අන්‍යෝන්‍ය යහපත උදෙසා ඉදිරි සමයේ මේ සමීප සහ සුහද සම්බන්ධතා තව තවත් ශක්තිමත් වනු ඇතැයි මම විශ්වාස කරමි.
මහත්මයානනි, මාගේ ගෞරවය සහ ඔබේ පෞද්ගලික යහපැවැත්ම සඳහා අවංක අභිලාෂයන් වෙනුවෙන් මාගේ සුබ පැතුම් පිළිගනු මැනවි.’
0 Comments