කාන්තා සහභාගීත්වය පහළ බසියි
හතලිස්හතර වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ තරග ඇවිදීමේ පිරිමි ජයග්‍රහණය උතුරු මැද පළාතේ එම්. අයි. එස්. එස්. දුනුකාර හා කාන්තා ජයග්‍රහණය දකුණු පළාතේ පී. බී. ගයානි දිනා ගත්හ. කොළඹ ටොරින්ටන් පෙදෙස ආශ්‍රිත මාර්ගයේ කිලෝමීටර් 20ක දුරකින් සමන්විතවූ මේ තරගය ඊයේ පැවැති අතර දුනුකාර පැය 1: 39. 26 කින් හා ගයානී පැය 1: 52. 23 කින් තරගය නිම කිරීමට සමත් වූහ.
පසුගිය වසරේ පැවැති තරග ඇවිදීම පිරිමි අංශයෙන් ජයගත් දුනුකාර මෙවර ද ශූරතාව රැකගත් අතර පසුගිය වසරේ කාන්තා ජය හිමිකර ගත් දකුණු පළාතේ දිනූෂා දිල්හානී මෙවර තෙවැනි ස්ථානයට පත් වූවාය. දකුණු පළාත නියෝජනය කළ ක්‍රීඩිකාවන් 4ක් කාන්තා අංශයේ පළමු ක්‍රීඩිකාවන් 5 අතර සිටීම ද විශේෂත්වයකි. මෙහි සමස්ත පිරිමි ශූරතාව උතුරු මැද පළාත, අනු ශූරතාව බස්නාහිර පළාත දිනාගත් අතර සමස්ත කාන්තා ශූරතාව දකුණු පළාත හා අනු ශූරතාව බස්නාහිර පළාත දිනාගත්හ.
මෙවර පිරිමි අංශයෙන් ක්‍රීඩකයන් 63ක් එක්ව සිටි අතර කාන්තා අංශයෙන් ක්‍රීඩිකාවන් 26ක් සහභාගීවී සිටියහ. එක් පළාතකින් ක්‍රීඩිකාවන් 6 ක් හා ක්‍රීඩකයන් 10ක් බැගින් තෝරාගෙන සෑම තරගයකටම ක්‍රීඩිකාවන් 54ක් හා ක්‍රීඩකයන් 90ක් සුදුසුකම් ලබා සිටියද කාන්තා අංශයේ සහභාගීත්වය සීග්‍ර පහළ බැසීමකට ලක්වීම කැපී පෙණුනි. ජාතික මහා ක්‍රීඩා උළෙල ඉතිහාසයේ තරග ඇවිදීමේ කාන්තා ඉසව්වට අඩුම සහභාගීත්වයක් වාර්තාවී තිබුණි. ජාතික මහා ක්‍රීඩා උළෙලේ තරග ඇවිදීමේ වසර 10කදී එම්. ඩී. එන්. නයනානන්ද හා වසර 9කදී ජී. ගීතානන්දනී ශූරතා දිනා ගෙන වාර්තා පිහිටුවා ඇත.
පිරිමි
1. එම්. එස්. දුනුකාර පැය 1:39.26 (උතුරු මැද), 2. එස්. එම්. අප්පුහාමී පැය 1:40.46 (බස්නාහිර), 3. එස්. පී. බෙන්ගමුවගේ පැය 1:47.50 (දකුණ), 4. එම්. ආර්. පී. වෙලේකුඹුර පැය 1:48.04 (වයඹ), 5. යූ. එන්. එම්. දේශප්‍රිය පැය 1:50.06 (සබරගමුව)
කාන්තා
1.පී. බී. ගයානි පැය 1:52.23 (දකුණ), 2.යූ. වී. කේ. මධුරිකා පැය 1:54.56 (බස්නාහිර), 3. දිනූෂා දිල්හානී පැය 1:58.08 (දකුණ), 4. එස්. එච්. හංසිකා පැය 2:01.24 (දකුණ), 5. එච්. එල්. කල්යානී පැය 2:01.38 (දකුණ)
සමස්ත පිරිමි ශූරතාව - උතුරු මැද පළාත, අනු ශූරතාව - බස්නාහිර පළාත, තෙවැනි ස්ථානය - මධ්‍යම පළාත
සමස්ත කාන්තා ශූරතාව - දකුණු පළාත, අනු ශූරතාව - බස්නාහිර පළාත, තෙවැනි ස්ථානය - සබරගමුව පළාත.

0 Comments