සමෘද්ධි බැංකු ජාලය ශ්‍රී ලංකා මහ බැංකුව යටතට ගැනීමට තීන්දුවක් ගෙන නැතැයි මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අවධාරණය කෙළේය.
කොළඹ කොටුව ශ්‍රී ලංකා මහ බැංකු මූලස්ථානයේ ඊයේ (11) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවට සහභාගිවෙමින් අධිපතිවරයා එසේ කීය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මුදල් ප්‍රතිපත්ති විවරණ 2018 තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අධිපතිවරයා අදහස් දක්වමින් අපි සමෘද්ධි බැංකු ජාලයේ කටයුතු අධීක්ෂණය කරනවා.
ඒ හැරෙන්නට එය අප යටතට පත්කර ගැනීමට තීරණයක් ගෙන නැතැයි ද කීය.
0 Comments