සමෘද්ධි බැංකු හා සමෘද්ධි ව්‍යාපාරය පිළිබඳව අධ්‍යයනයකොට නිර්දේශ සහිත විශේෂ වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර මහතාගේ සභාපතීත්වයෙන් යුත් කමිටුවක් පත්කර ඇත.
එම කමිටුවට භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් ඒ. ආර්. දේශප්‍රිය, ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති කේ. ඩී. රණසිංහ යන මහත්වරු ඇතුළත් වෙති.
අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවකදී මෙම කමිටුව පත්කර ඇත.
සමෘද්ධියට කුමක් වෙයිද?
* ඉහළ ආදායම්ලාභීන් වංචනික ආකාරයෙන් සමෘද්ධි ප්‍රතිලාභ ලබන බවට ලැබී ඇති පැමිණිලි පිළිබඳව සොයා බලා අවශ්‍ය පියවර ගැනීමටත්, මුදල් අමාත්‍යවරයා සමඟ සාකච්ඡාකොට සමෘද්ධි සහනාධාරය ලැබිය යුතු අත්‍යවශ්‍ය පවුල් තෝරාගෙන ඔවුනට නොපමාව ප්‍රතිලාභ ලබාදීමටත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යවරයා වෙත උපදෙස් දෙන ලදී.
* සමෘද්ධි බැංකුවේ වත්කම රුපියල් බිලියන 101 ක් වන අතර එම බැංකුව 2016 වසරේ රුපියල් මිලියන 33 ක ලාභයක් ද, 2017 වසරේදී රුපියල් බිලියන තුනක ලාභයක් ද ලබා ඇති බව අනාවරණය විය.
* එම මූල්‍ය තොරතුරු මත පමණක් සමෘද්ධි බැංකුව සාර්ථකව ක්‍රියාත්මක වන බව පිළිගත නොහැකි බවත්, සණස වැනි බැංකු ඊට වඩා අඩු මූල්‍ය වත්කම් ප්‍රමාණයක් උපයෝගී කර ගනිමින් කෙටි කාලයක් තුළ ලාභ උපයමින්, නව ගොඩනැගිලි තනමින් ඉහළ ප්‍රගතියක් ලබා ඇති බවත් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
* සමෘද්ධිලාභීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ප්‍රමුඛතාවය ලබාදිය යුතු බව අවධාරණය කළ අග්‍රාමාත්‍යවරයා බංග්ලාදේශයේ ක්‍රියාත්මක ග්‍රාමීන් බැංකු ව්‍යාපාරය ආදර්ශයට ගෙන සාර්ථක ණය දීමේ වැඩසටහනක් ඔස්සේ දුගී බව තුරන් කිරීමට කටයුතු කළ යුතු බව ද පෙන්වා දුන්නේය.
* සමෘද්ධි බැංකුව නිසි ලෙස ප්‍රතිසංවිධානය කරමින් ග්‍රාම රාජ්‍ය බැංකුව ලෙස පොදුජන යහපත උදෙසා යෙදවිය හැකි බව ද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
* මෙම සාකච්ඡාවට සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය පී. හැරිසන්, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආර්. එච්. එස්. සමරතුංග යන මහත්වරු සහ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.
0 Comments